Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළෙන් හමු වූ බව කියන මවකගේ හා දරුවෙකුගේ ඇටසැකිලි සම්බන්ධ ඡායාරූපයේ ඇත්ත කතාව!

    2025-07-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනය, චෙම්මනි කැණීම්වලදී හමුවූ මිනිස් ඇට සැකිලි කාගේද කුමන කාලයට අයත් ද ඒවාද යන්න පිලිබඳ පර්යේෂණ කටයුතු සිදුවන අතරතුර ඒ ගැන විවිධ අර්ථකතන ලබාදෙමින් ඡායාරුප සහ සමාජ මාධ්‍ය සටහන් පසුගිය දි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    යාපනය, චෙම්මනි කැණීම්වලදී හමුවූ මිනිස් ඇට සැකිලි කාගේද කුමන කාලයට අයත් ද ඒවාද යන්න පිලිබඳ පර්යේෂණ කටයුතු සිදුවන අතරතුර ඒ ගැන විවිධ අර්ථකතන ලබාදෙමින් ඡායාරුප සහ සමාජ මාධ්‍ය සටහන් පසුගිය දින කිහිපයේම සංසරණය වුයේ විශාල කතිකාවතක් ඇති කරමින්. එහිදී හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහනක් ගැන අප සිදුකළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළේ, හමු වූ ඇටසැකිළි අතර මවක් හා නොදරුවෙකු වළදමා ඇති ආකාරය යනුවෙන් ද, සඳහන් කරමින් එහි ඡායාරූප බවට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගෙන ඇති බව ත්, එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් ද හමු වී තිබු බවයි.

    BBC | Archived Link

    තවත් පුවත් වාර්තාවක් පහතින්.

    Hiru 

    එමෙන් ම පසුගිය ජූනි 30 වන දා පාර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ප්‍රකාශ කර සිටියේ, යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වලෙන් මවකගේ සහ ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ දරුවෙකුගේ ඇටසැකිළි හමු වූ බව ත්, 1996 වසරේ ශ්‍රී ලංකා හමුදාව විසින් දූෂණය කර ඝාතනය කොට වළ දැමූ ක්‍රිෂාන්තනී නම් පාසල් සිසුවියගේ සිදුවීම මෙන් මෙම දරුවාගේ මව ද, දූෂණය කොට ඇයගේ දරුවා ද පපු ප්‍රදේශයේ තබා පණ පිටින් වළ දමා ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලබනවා. දෙමළ බසින් සිදු කරන එම ප්‍රකාශය මෙතනින්. එමෙන් ම සිංහල බසින් ද, ඔහු මේ පිළිබඳව සිදු කරන ප්‍රකාශයක සඳහන් කරන්නේ, අවුරුදු 6ක සහ මාස 3ක දරුවන්ගේ ඇටසැකිළි මෙම සමුහ මිනී වලින් හමු වූ බවයි. එම වීඩියෝව මෙතනින්.

    Facebook

    සත්‍ය වශයෙන් ම දරුවෙකු සහ මවකගේ ඇටසැකිලි මෙලෙසින් හමුවූවා ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    2025 පෙබරවාරි මස 20 වන දා චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ආදාහනාගාරයක් ඉදිකිරීම පිණිස අත්තිවාරමක් කැපීමට ගිය අවස්ථාවේදී පොළොව යට තිබී මිනිස් අස්ථි කොටස් ගණනාවක් හමු වී තිබුණා. පොලීසිය විසින් මේ පිළිබදව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පරීක්ෂා කොට බලා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස නියෝග කළා. මේ සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් මෙතනින්.

    මෙම කැණීම් වලදී මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවන අදියරේ කැණීම් කටයුතු පසුගිය ජූනි 26 වන දා නැවත ආරම්භ කළ අතර එම කටයුතු දින 15ක් පුරා සිදු කෙරුණු ඇති.

    කෙසේ වෙතත් මෙලෙසින් හමුවූ මිනිස් ඇටසැකිළි අතර මවකගේ සහ ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ බව පැවසෙන දරුවෙකුගේ ඇට සැකිළි හමුවූ බවට සඳහන් වූ ඉහත එක් ඡායාරූපයක් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර නොතිබුණු අතර අප එම ඡායාරූපය AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප සෙවීමේ මෙවලමකට යොමු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයේ දැක්වුණේ ද, මෙය  AI ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

    A screenshot of a computer

AI-generated content may be incorrect.

    කෙසේනමුත්, එම කැණීම් සිදු කරන ස්ථානයේ සිටිමින් ඡායාරූප, වීඩියෝ සටහන් පළ කරන මාධ්‍යවේදී ප්‍රභාකරන් දිලක්ෂන්ගෙන් ද අප මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ඡායාරූප අසත්‍ය බව ත්, ඉහත ඡායාරූයේ දැක්වෙන ආකාරයේ ඇටසැකිල්ලක් හමු ව නොමැති බවයි. 

    එමෙන් ම පුවත් වල පෙන්වා දී තිබු දෙවන ඡායාරුප පෙළ සත්‍ය වශයෙන්ම කැණීම්වලදී හමුවූ ඇට සැකිලි වුවද ඒවා මවකගේ සහ ඇයගේ පපුව ප්‍රදේශයේ සිටින දරුවෙකුගේ ඇටසැකිල්ලක් ලෙස එම කැණීම් සිදු කරන ස්ථානයේ සිටින නිලධාරීන් පවා මෙතෙක් තහවුරු කරමින් කිසිදු  ප්‍රකාශයක්  සිදු නොකළ බව ත්, ඔහු සඳහන් කළා. 

    කෙසේ වෙතත් ඔහු විසින් ලබා ගත් ඡායාරූපයක් බොහෝ අය විසින් මවකගේ සහ ඇය අසලින් රැඳී සිටින දරුවෙකුගේ බවට ද, සටහන් පළ කර තිබුණා.

    Facebook | Archived Link

    නීතිඥ රනිතා ඥානරාජා

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කර ඇති බව ත්, මෙවැනි ඡායාරූප නොමග යවන අන්දමින් පළ කර ඇති බවට මේ වන විටත් චෙම්මනි ප්‍රදේශයේ සමුහ මිනිවලේ කැණීම් සිදු කෙරෙන ස්ථානයේ රැඳී සිටින අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මහත්මිය අප කළ විමසීමේදී සඳහන් කළා.

    එමෙන් ම මේ වන විටත් මෙහි කැණීම් කටයුතු පමණක් සිදු කරන අතර එහිදී සම්පූර්ණ වූ මිනිස් සිරුරුවල ඇටසැකිළි 38ක් පමණ හමුවී ඇති අතර ඊයේ(01) දිනයේ තව ත් ඇටසැකිලි ප්‍රමාණයක් එකම ගොඩක හමුවී ඇති අතර ඒවා වෙන වෙනම සිරුරු වශයෙන් ගෙන පරීක්ෂා කිරීමට නියමිත බව ද, සඳහන් කළා. 

    කෙසේ වෙතත් මෙම ඇටසැකිළි කාගේද, මෙහි සිටින්නේ කාන්තාවන් ද, ළමුන්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම වෙනම අදියරක් බව ත්, ඒ සඳහා රසායනාගාර පරීක්ෂණය සඳහා යොමු කළ යුතු අතර තවමත් මෙහිදී කැණීම් කටයුතු පමණක් සිදු වන බව ත් ඇය සඳහන් කළා. 

    මේ හේතුවෙන් මවක සහ ඇයගේ පපු ප්‍රදේශයේ දරුවෙකු සිටින ආකාරයේ බවට දක්වා තිබු ඇටසැකිලි ගැන ද පරීක්ෂණ සඳහා යොමු කළ අථිඅ බවත්, එමෙන් ම මෙය මිනිස් ඇටසැකිළි ඇති සමූහ මිනී වළක් බැවින් මිනිස් අස්ථි සියල්ල එක ගොඩක තිබූ බැවින් මේවා කාන්තාවන් ද, පිරිමින් ද, ඒ ආසන්නයේ ඇති ඔවුන්ගේ ම දරුවන්ගේද යන්න පිළිබඳ හෝ තොරතුරක් තවම පැවසිය නොහැකි බැවින් මිනිස් ඇටසැකිලි බාහිරින් බලා කතා නිර්මාණය කිරීම නොමග යවන සුළු බව ඇය සඳහන් කළා. 

    මෙය අධිකරණයේ නියෝගයක් මත සිදු කරන බැවින් මෙවැනි නිල නොලත් තොරතුරු පතුරුවා ලීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ත් ඇය තවදුරටත් සඳහන් කළා. AI ඔස්සේ නිර්මාණය කරන ලද අසත්‍ය ඡායාරූප සම්බන්ධයෙන් සහ මේ පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇය දමිළ බසින් සිදු කළ පැහැදිලි කිරීමක් මෙතනින්.

    මෙම වෙම්මනි සමුහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමියට අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මෙම මිනිස් ඇට සැකිළි හමුව ඇති බව ඇය තවදුරටත් පවසා සිටියා. 

    යාපනය පොලීසිය

    මේ සම්බන්ධයෙන් අප යාපනයේ පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළේ, තවමත් කැණීම් සිදුවන බැවින් මේ පිළිබඳව නිල තොරතුරු ඉදිරිපත් වී නොමැති බව ත් සඳහන් කරනු ලැබුවා.

    කෙසේ වෙතත් මෙම සමූහ මිනී වළේ තිබි කුඩා දරුවන්ගේ බවට සැක කෙරෙන සෙල්ලම් බඩු, නිල් පැහැති පාසල් බෑගයක්, කුඩා වීදුරු වළලු හමුවී තිබිණ.

    ඒ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළේ හමුවූ මිනිස් ඇටසැකිළි සාමූහිකව ගොඩ ගසා තිබූ බැවින් ඒවා සම්බන්ධයෙන් කාන්තාවන්ගේද, පිරිමින්ගේ ද, යන්න හෝ ඔවුන් එකම පවුගේ සාමාජිකයන්ද යන්න හඳුනා ගැනීමට සහ කුමන කාලයකට අයත් ඇට සැකිලි ද යන්න හඳුනා ගැනීමට රසායනාගාර පරීක්ෂණ සිදු කොට පැවසිය යුතු බැවින් ද, මේ පිළිබඳව පූර්ව නිගමනයට පැමිණ අපහසු බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.