Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ. ආණ්ඩුව පෙරළනවා” යනුවෙන් චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්?

    2025-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. තමන් සිදු කරන ප්‍රකාශ ඔස්සේ නිතර සමාජ මාධ්‍ය ඔස්සේ  කතා බහට ලක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් සිදු කළ බවට තව ත් ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එහි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    තමන් සිදු කරන ප්‍රකාශ ඔස්සේ නිතර සමාජ මාධ්‍ය ඔස්සේ  කතා බහට ලක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් සිදු කළ බවට තව ත් ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ. අපි කොහොමහරි මේ ආණ්ඩුව පෙරලනවා ලගදිම” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පැවසූ බවක් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    සත්‍ය වශයෙන් ම චාමර සම්පත් මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ඉහත සඳහන් ලෙස  ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප මෑතකදී මන්ත්‍රීවරයා  විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයන් වෙත අවධානය යොමු කළා.

    නමුත් ඔහු විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණි. එමෙන් ම මන්ත්‍රීවරයා “මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ. අපි කොහොමහරි මේ ආණ්ඩුව පෙරලනවා ලගදිම” යනුවෙන් ප්‍රකාශ කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ වාර්තා කර නොමැති බව අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා කළ පරීක්ෂාවේදී ද, තහවුරු වුණා.

    මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශ ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, වෛරල් වන අතර ඔහු විසින් පසුගිය 23 වන දා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් වන, “මාව මැරුවොත් හොල්මනක් වෙලා ඇවිත් පළි ගන්නවා” යන ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    Facebook

    ඔහු විසින් සිදු කරන ලද ආසන්නම වෛරල් වූ ප්‍රකාශය මෙය වේ.

    එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනේ මන්ත්‍රීවරයා විසින් සිදු කළ එම ප්‍රකාශ අවස්ථාව ලෙස යොදා ගෙන තිබුණේ, , “මාව මැරුවොත් හොල්මනක් වෙලා ඇවිත් පළි ගන්නවා” යන ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ ඡායාරූපයක් බව දැක ගන්නට ලැබේ.

    එම ඡායාරූප සංසන්දනය පහතින්.

    කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 07 වන දා ආණ්ඩුව පෙරලීමක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාරද දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවක තිරය පිටුපස සංවාදයක් ලෙසට දක්වමින් පුවතක් පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

    නමුත් මෙහිදී ද, චාමර සම්පත් මහතා “මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට සඳහන් වන්නේ නැහැ.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මන්ත්‍රී චාමර සම්පත් මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු තහවුරු කළේ ද, මන්ත්‍රීවරයා විසින් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. ජනාධිපති අනුර පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ආණ්ඩුව පෙරළන්නේ 2027 වසරේ බවට ප්‍රකාශයක් සිදු කළේ ද, යන්න අප විමසා සිටි අතර ඔහු පවසා සිටියේ මන්ත්‍රීවරයා විහිළුවකට මෙන් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් කළ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්  “මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ. අපි කොහොමහරි මේ ආණ්ඩුව පෙරලනවා ලගදිම” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දැක්වවෙන සටහන් අසත්‍ය බවයි. මන්ත්‍රීවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බවට අප කළ පරීක්ෂාවේදී ද, තහුවුරු වූ අතර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ද, සනාථ කළේ, මන්ත්‍රීවරයා විසින් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.