Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    උඩරට දුම්රිය මාර්ගයේ මෑතකදී සිදු වූ දුම්රි පීලි පැනීමේ අවස්ථාවේ වීඩියෝවක්ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය මාස 10කට ආසන්න කාලයකට පසු 2026 ඔක්තෝබර් 2 වන දින යළි විවෘත කෙරිණි. එහෙත් දුම්රිය සේවා යළි ආරම්භ කර දින තුනකට පසු, ඔක්තෝබර් 5 වන දින උදෑ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය මාස 10කට ආසන්න කාලයකට පසු 2026 ඔක්තෝබර් 2 වන දින යළි විවෘත කෙරිණි. එහෙත් දුම්රිය සේවා යළි ආරම්භ කර දින තුනකට පසු, ඔක්තෝබර් 5 වන දින උදෑසන පේරාදෙණියේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.

    මෙම සිදුවීම පිළිබඳ පුවත් වාර්තා පළවීමත් සමඟ එම දුම්රි අනතුරේ වීඩියෝ බවට හඟවමින් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය විය.

    එම වීඩියෝවල දැක්වෙන්නේ ඔක්තෝබර් 5 වන දින සිදු වූ දුම්රිය පීලී පැනීමේ අවස්ථාවේ‍ දර්ශන ද? ඒ පිළිබඳව අපි සිදු කළ කරුණු පරීක්ෂාක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook

    Facebook

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවලින් මෑතකදී මෙලෙසින් දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ විශාල අනතුරක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු වී තිබූ බැවින් අප ඒ පිළිබඳ මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කිරීමේදී ආසන්නතම දුම්රිය පීලි පැනීම වාර්තා වී තිබුණේ, පසුගිය ඔක්තෝබර් 5 වන සඳුදා පෙරවරු 4.40ට පමණ පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදෑසන කාර්යාල දුම්රියක් ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීම බව දැක ගන්නට ලැබුණි.

    ඒ අනුව එම වීඩියෝ හරහා පෙන්වීමට උත්සහ දරා ඇත්තේ එම අනතුරේ දර්ශනද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

    දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා සේවා 2026 ඔක්තෝබර් 2 වන දින යළි ආරම්භ විය. අනතුර සිදු වූයේ දුම්රිය සේවා යළි ආරම්භ කර දින තුනකට පසුවය. එබැවින් අනතුර සම්බන්ධයෙන් මහජන අවධානය යොමු වීමත්, ඒ පිළිබඳ වීඩියෝ සහ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සිදු විය.

    දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටීම මෙම අනතුරට හේතු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරිය, දුම්රිය ධාවනය කළ රියැදුරු ද,තහවුරු කරනු ලැබීය.

    ඔක්තෝබර් 5 වන දින අනතුරෙන් දුම්රියේ එන්ජිම සහ එක් මැදිරියක් පමණක් පීලි පැන තිබූ බව ත්, දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදු වී ඇති බව ත්, දැක ගන්නට ලැබේ.

    නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන්නේ දුම්රියක් සම්පූර්ණයෙන් පීලි පැනීමක අවස්ථාවක් විය. එමෙන් ම ගංගොඩ අනතුරට මුහුණ පෑ දුම්රිය නිල් පැහැයක් ගනු ලැබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දුම්රිය අනතුරේ දුම්රිය රතු පැහැයකින් යුක්ත බැවින්, මෙය වෙනත් අවස්ථාවක දුම්රියක් බවට පැහැදිලි වේ.

    Facebook

    එමෙන් ම මෙම අනතුරේ කිසිදු මගියෙකුට තුවාල වූ බවට වාර්තා නොවූ අතර මගීන් දුම්රියෙන් බැස පාගමනින් කඩිගමුව බස් මාර්ගය වෙත ගොස් එතැනින් බස් රථයකින් රඹුක්කනට පැමිණ තිබේ. ඉන් අනතුරුව ඔවුන්ට කොළඹ බලා ගමන් කිරීම සඳහා රඹුක්කනින් අමතර දුම්රියක් සකස් කර තිබුණි.

    Also Read : උඩරට දුම්රිය මාර්ගය විවෘත කළේ NBRI අනුමැතිය නොමැතිවද?

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව කුමක්ද?

    මෙම වීඩියෝවේ රූපරාමු අප Reverse Image සෙවුමක් වෙත යොමු කළ අතර එහිදී තහවුරු වුණේ, මෙය 2026 වසරේ අප්‍රේල් 24 වන දා වාද්දුව ප්‍රදේශයේ දී ‘සාගරිකා’ දුම්රිය පීලි පැනපු අවස්ථාවක් බවයි.

    Facebook

    රතු පැහැති දුම්රිය එන්ජිම පීලි පැනී ඇල වී තිබෙන ඡායාරූප එකතුවක් සහිත රේල් ට්‍රැවල්ස් ෆේස්බුක් සටහන

    Facebook

    සාගරිකා දුම්රිය සතු මැදිරි 13න් මැදිරි 11ක්ම පීලි පැනීමට ලක්වූ අතර, මැදිරි කිහිපයක් ඇලවී දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු විය. අනතුර නිසා පුද්ගලයන් කිහිපදෙනෙකු සුළු තුවාල ලැබීය. දුම්රිය මාර්ග දෙකම සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබුණි. කොළඹ සිට පැමිණි දුම්රිය පාණදුර දක්වාත්, මාතර/බෙලිඅත්ත දෙසින් පැමිණි දුම්රිය කළුතර දක්වාත් සීමා කිරීමට සිදු විය.

    එම අනතුරට ලක්වූ දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා රැගෙන එමින් තිබියදී, පසුදින (අප්‍රේල් 25) පස්වරුවේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී ‘සාගරිකා’ දුම්රිය යළිත් වරක් පීලි පැනීමකට ලක් විය.

    අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර, දුම්රියේ සේවය කළ රියදුරු, සහායක රියදුරු, ප්‍රධාන ආරක්ෂක සහ උප ආරක්ෂක ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. මාර්ගය මුළුමනින්ම යථාවත් කිරීමෙන් පසු අප්‍රේල් 27 වනදා සිට සාගරිකා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරිණි. එමෙන් ම සාගරිකා දුම්රිය බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය කෙරෙන වෙරළබඩ මාර්ගයේ දුම්රියක් මිස උඩරට මාර්ගයේ දුම්රියක් නොවේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    2026 ඔක්තෝබර් 5 වන දින උඩරට දුම්රිය මාර්ගයේ සිදු වූ දුම්රිය පීලි පැනීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව පරීක්ෂා කිරීමේදී, එම වීඩියෝවෙන් දැක්වෙන්නේ එම සිදුවීමට අදාළ අනතුර නොව, 2026 අප්‍රේල් 24 වන දින වාද්දුවේදී සිදු වූ සාගරිකා දුම්රියේ පීලි පැනීමේ වීඩියෝව බවට දැක ගන්නට ලැබේ.

    ඔක්තෝබර් 5 වන දින අනතුරේදී එන්ජිම සහ එක් මැදිරියක් පීලි පැන තිබූ අතර, වාද්දුවේ අනතුරේදී සාගරිකා දුම්රියේ මැදිරි 13න් 11ක් පීලි පැන තිබිණි. මෙම අනතුරින් කිසිදු මාරාන්තික අනතුරක් සිදු නොවූ අතර පුද්ගලයන් කිහිපදෙනෙකු පමණක් සුළු තුවාල ලබා තිබුණි. නමුත් පසුගිය දා ඇති වූ උඩරට දුම්රි අනතුරින් කිසිවතු තුවාල ලබා ඇති බවට වාර්තා නොවේ.

    Result Stamp

    Title: උඩරට දුම්රිය මාර්ගයේ මෑතකදී සිදු වූ දුම්රි පීලි පැනීමේ අවස්ථාවේ වීඩියෝවක්ද?

    Written By: Pavithra Sandamali

    Result: Misleading

    Fact Crescendo ශ්‍රී ලංකා WhatsApp චැනලයට එක්වන්න
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.