Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රටේ දරු පරපුර මුළු මනින්ම විනාශ කරන බවට සජිත්ගේ ප්‍රකාශයක්?

    2024-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළැඹෙන මැතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් අතර තරඟය තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය සහ නොමග යන සුළු අන්දමින් සටහන් හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    එළැඹෙන මැතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් අතර තරඟය තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය සහ නොමග යන සුළු අන්දමින් සටහන් හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රටේ දරු පරපුර අපි මුළු මනින් ම විනාශ කරනවා” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වූයේ මෙලෙසින්.

    Facebook 

    මෙම වීඩියෝ සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මීට මාස කිහිපයකට ද පෙර හුවමාරු වී තිබු මෙම වීඩියෝවේ නිරවද්‍යතාව පරීක්ෂා කරන මෙන් අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ සඳහන් පරිදි ප්‍රකාශයක් සත්‍ය වශයෙන්ම, දේශාපලන නායකයෙකු ප්‍රකාශ කිරීම අපේක්ෂා කළ නොහැකි වුවද, මේ සඳහා මුල් වූ ප්‍රකාශය පරික්ෂා කර බැලීමට අප කටයුතු කළා.

    ඉහත වීඩියෝව පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළ අතර, එහිදී දැක ගන්නට ලැබුණේ, මෙහි සජිත් ප්‍රේමදාස මහතාගේ ලකුණ ලෙස පෙන්වා තිබෙන්නේ, මෙවර ජනපතිවරණයේ දී ඔහු තරග කරන ලකුණ වන දුරකථනය නොව, හංසයා ලකුණ බවයි.

    ඒ අනුව, මෙහි මුල් වීඩියෝව පසුගිය (2019) ජනපති මැතිවරණ සමයේ සිදුකළ කතාවක් ඇසුරින් ලබාගත් කොටසක් බව පැහැදිලියි. 2019 ඔක්තෝම්බර් මස කටුගම්පල පැවති මහජන රැළියකදී, එවකට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ලෙස තරග වැදුණු සජිත් ප්‍රේමදාස මහතා ඇත්ත වශයෙන්ම පවසන්නේ

    “මේ රටේ තිබෙන්නාවූ අන්තවාදී ත්‍රස්ත වාදය අපි මුළු මනින්ම විනාශ කරනවා යනුවෙන් සහ රටේ අනාගතය, රටේ දරුපර පුර, මතු පර පුර විනාශ කරන කුඩු වෙළඳුන්ට ත් අනිවාරයෙන් ම අවසන් ඉරණම අපි අත්පත් කර දෙනවා” යනුවෙනි.

    එම සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක් පහතින්.

    එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මෙහි සත්‍ය වීඩියෝව පළ කර තිබුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි “රටේ දරු පරපුර අපි මුළු මනින් ම විනාශ කරනවා” යනුවෙන් සඳහන් කළ කොටසක් එහි දක්නට ලැබෙන්නේ නැහැ.

    සත්‍ය වීඩියෝව සහ සංස්කරණය කර ඇති වීඩියෝවේ සංසන්දනය පහතින්.

    ඒ අනුව මෙම වීඩියෝව සංස්කරණය කරමින්, වැරදි අර්ථකතනයක් අර්ථයක් පිළඹිමු කිරීමට ප්‍රති නිර්මාණය කර ඇති බව ට තහවුරු වේ. 

    එමෙන් ම එම වකවාණුවේදී පැවති වෙනත් ජන රැළි වලදී ප්‍රේමදාස මහතා විසින් සිදු කළ තවත් ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ අතර ඒ සම්බන්ධයෙන් Fact crescendo Sri Lanka අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්.

    සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

    එමෙන් ම සංස්කරණය කළ වීඩියෝ සම්බන්ධයෙන් විපක්ෂ නායක විසින් සිදු එම දිනවල තවත් රැලියක දී සිදු කළ ප්‍රකාශයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, “රටේ දරු පරපුර අපි මුළු මනින් ම විනාශ කරනවා” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව සංස්කරණය කර ඇති වීඩියෝවක් බවයි.

    ප්‍රේමදාස මහතා විසින් සත්‍ය වශයෙන් මෙහිදී කියනු ලබන්නේ “මේ රටේ තිබෙන්නාවූ අන්තවාදී ත්‍රස්ත වාදය අපි මුළු මනින්ම විනාශ කරනවා යනුවෙන් සහ රටේ අනාගතය, රටේ දරුපර පුර, මතු පර පුර විනාශ කරන කුඩු වෙළඳුන්ට ත් අනිවාරයෙන් ම අවසන් ඉරණම අපි අත්පත් කර දෙනවා” යනුවෙනි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.