Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ?

    2025-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර මෙරටට බලපෑ ගංවතුර තත්වයේ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින්, නිවසක් එහි වහලය මට්ටම තෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර මෙරටට බලපෑ ගංවතුර තත්වයේ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින්, නිවසක් එහි වහලය මට්ටම තෙක් මඩින් වැසී ගොස් ඇති ආකාරය දක්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කොහෙන්ද අප්පා පටන් ගන්නේ” යනුවෙන් සඳහන් කරමින් මෙරටට බලපෑ දිත්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර තත්වයෙන් පසු නිවාස මඩින් යට වී ඇති ආකාරය බවට හඟවමින් දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    සමාජ මාධ්‍ය තුල තව දුරටත් මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්,

    Facebook Facebook

    එසේම YouTube ඔස්සේ ද මෙම දර්ශන පෙළ ලංකාවේ ගංවතුර හේතුවෙන් ඇති වූ තත්ත්වක් ලෙස දක්වමින් “ගෙයක් පිටින්ම මඩෙන් යට කල දිට්වා සුලි කුණාටුව🌪️” යනාදී තේමා ඔස්සේ පෙන්වා දී තිබුනේ මෙලෙසින්. සහ මෙලෙසින්.

    TikTok ඔස්සේ ද මෙම වීඩියෝව බහුලව ව්‍යාප්ත වී තිබු අයුරු මෙලෙසින්. Archived

    සත්‍ය ලෙසම මෙම වීඩියෝව මෙරටට බලපෑ ගංවතුර තත්වය පිළිබඳව දැක්වෙන වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත ආකාරයේ දර්ශන පෙළක් ලංකාවේ කිසියම් ප්‍රදේශයකින් හෝ වාර්තා වී තිබුනේ ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළවූ දර්ශන සමඟ පරික්ෂා කළ ද එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

    දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ඉන්දුනීසියාවේ ගංවතුර පිළිබඳ දැක්වෙන දර්ශන පෙළක්!

    ඒ අනුව අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී තහවුරු වුයේ මෙම දර්ශන පෙළ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට දින කිහිපයකට පෙර  සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර තත්වය පිළිබඳ දර්ශන පෙළක් ලෙස දක්වමින් එරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බවයි.

    එම විදියෝවම ඉන්දුනීසියානු බසින් X ඔස්සේ හුවමාරු වුයේ මෙලෙසින්. ඒ ඔස්සේ සිදුකල පරික්ෂාවේ දී ඉහත සටහන්වලට යොදාගෙන තිබු වීඩියෝවේ මුල් වීඩියෝව අපට හමුවූවා. මේ වටවිට නැරඹුම් වාර මිලියන 5කුත් ඉක්මවා ඇති එම TikTok වීඩියෝව පහතින්. Archived

    @mulyadiaceh0 banjir bandang pidie jaya #banjirbandang#bencanaalam#fyp#viral ♬ suara asli  – linimassa.id

    එහි විස්තරයේ ඉංග්‍රීසි පරිවර්තනය වන්නේ“flash floods pidie jaya” එනම් “Pidie Jaya නම් ප්‍රදේශයක ඇතිවූ හදිසි ගංවතුර” තත්වයක ප්‍රතිඵලයක් ලෙසයි.

    Pidie Jaya , ‘පිඩි ජයා’ යනු ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ, උතුරු සුමාත්‍රාවේ Aceh පළාතේ පිහිටි ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයට පසුගිය සතියේ ඇතිවූ සුළි කුණාටු හේතුවෙන් ඇතිවූ ගංවතුර නිසා විශාල ආපදාවන්ට ලක්වුවා. එම ප්‍රදේශය දරුණු ගංවතුර තත්වයකට මුහුණ දෙමින් නිවාස මේ ආකාරයට මඩින් වැසි ගිය අයුරු දැක්වෙන තවත් සමාජ මාධ්‍ය සහ පුවත් වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතැනින් සහ මෙතනින්.

    සෙන්යාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාවට ආසියාවට වූ බලපෑම්

    2025 නොවැම්බර් අග භාගයේ ඇති වූ සෙන්යාර් සුළි කුණාටුව, ආසියානු පැසිෆික් කලාපය පුරා, විශේෂයෙන් ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ පිලිපීනය යනාදී රටවලට දැඩි හානියක් සිදු කළා. මේ වන විට ඉන්දුනිසියාවේ පමණක් ගංවතුර හා නායයාම්වලින් මිය ගිය සංඛ්‍යාව 867 ක් බවත් තුන්සියයකට වඩා අතුරුදහන් වී ඇති  බවත් BNPB (එරට ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය) වාර්තා කරනවා. 

    උතුරු සුමාත්‍රා, බටහිර සුමාත්‍රා සහ අචේ (ඉහත වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය) යන පළාත්වල පුද්ගල මරණ රැසක් වාර්තාවන අතර, සුමාත්‍රා දූපතෙහි පුද්ගලයින් මිලියන 3.2 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. 

    මාර්ග සහ ප්‍රවේශ මාර්ග ගංවතුරින් හෝ මඩින් අවහිර වීමට, සන්නිවේදන විසන්ධි වීම්, විදුලිය ඇනහිටීම්, කටුක කාලගුණය යනාදිය හේතුවෙන් දැනටත් හුදකලා ගම්මාන කිහියකටම ආධාර සැපයීමට සහ ගලවා ගැනීමේ සේවකයින් ඒ කරා ලඟා වීමට  දැඩි පරිශ්‍රයමයක් ගනිමින් සිටිනවා. එම තත්වය පිළිබඳ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    දිට්වා කුණාටුවෙන් ලංකාවට ඇති වූ බලපෑම

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුන්සිය පනහකට වඩා අතුරුදහන් වී ඇති බවයි. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මධ්‍යම පළාතේ ප්‍රදේශවලට යි. මධ්‍යම කඳුකරයේ වඩාත් ජනාකීර්ණ ගම්පොල සහ මහනුවර ප්‍රදේශවල ඒ හේතුවෙන් වැඩි ආපදා මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ලංකාවේ මෙන්ම විදෙස් කණ්ඩායම්වල සහාය ද ඇතිව ක්‍රියාත්මක ගලවා ගැනීමේ කණ්ඩායම් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා සුන්බුන් අතර කැණීම් කරමින් සිටී.

    එසේම ලංකාවෙන් ද ඇතැම් මාර්ග නාය යෑම් හේතුවෙන් මඩවලින් වැසි ගිය දර්ශන සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වාර්තා කර තිබු අතර ඒ හේතුවෙන් ඉහත පරිදි විදේශ රටවල මෙරට යැයි සිතා බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. මීට පෙර ද මෙලෙසින් වෙනත් රටවල වීඩියෝ, ලංකාවේ බව දක්වමින් නොමඟ යවන සුළු අයුරින් සටහන් පළකර තිබුණා. ඒ ගැන අප මීට පෙර සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

    ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : 

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ලංකාවේ පවතින අපදා තත්වය යටතේ ගංවතුරෙන් පසුව නිවාස මඩින් යටවී ඇති අයුරු යනුවෙන් හඟවමින් හුවමාරු වන්නේ ලංකාවේ දර්ශන පෙළක් නොවන බවයි.

    ලංකාවේ බොහෝ ප්‍රදේශවලද ගංවතුර තත්වයන් පිළිබඳව වාර්තා වී තිබුණ ද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ, 2025නොවැම්බර් මස අග, සෙන්යාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාවේ Aceh පළාතේ පිහිටි ප්‍රදේශයක ඇතිවූ ඛේදනීය තත්වයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.