Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන නවතම මිසයිලයක් නොවේ!

    2025-06-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      Subscribe to our WhatsApp Channel ඉරාන-ඊශ්‍රායල දෙරට අතර පවතින යුධමය තත්ත්වය හමුවේ බොහෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. මේ අතර මෙම ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන යානාවක් පිළිබඳ ද, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ අතර එහි

    Subscribe to our WhatsApp Channel

    ඉරාන-ඊශ්‍රායල දෙරට අතර පවතින යුධමය තත්ත්වය හමුවේ බොහෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. මේ අතර මෙම ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන යානාවක් පිළිබඳ ද, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර නවතම මිසයිලය”  යනුවෙන් සඳහන් කරමින් ඒම මිසයිලයේ වීඩියෝවක් ලෙසට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

    මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර නවතම මිසයිල ලෙස දක්වා තිබුණු ඉහත වීඩියෝවේ දැක්වෙන අයුරින් මිසයිල හෝ ඉන් ප්‍රහාර දියත් කෙරෙන අයුරු බවට හෝ ජාත්‍යන්තර නිල මාධ්‍ය ධාරා හරහා වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කළ ත්, ඉහත ආකාරයේ වීඩියෝවක් අපට දැක ගන්නට නොලැබුණි.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍යය ඔස්සේ පළ වී තිබූ වීඩියෝව ඊට සමාන වුවද, වෙනස් ස්වරූපයක් ගන්නා බැවින් ඒ කුමක් ද යන්න පරීක්ෂා කිරීමට ඒම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඉහත වීඩියෝවේ ම මුල් වීඩියෝ අවස්ථාව සොයා ගැනීමට නොහැකි වූවත්, ඒ හා සමාන වීඩියෝ අවස්ථා දැක ගන්නට ලැබුණු අතර විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දෙන්නේ, එම අවස්ථා ෆැල්කන් 9 රොකට්ටුව කැලිෆෝනියාවේ සිට ස්ටාර්ලින් චන්ද්‍රිකා 26 ක් රැගෙන කක්ෂගත වීමට ගමන් කරන අයුරු බවයි. 

    තව ත් ජාත්‍යන්තර මාධ්‍ය ධාරාවක් මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මේ අයුරින්.

     

    මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වාර්තා කර තිබූ තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.

    දකුණු කැලිෆෝනියාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට ගුවන හරහා ගමන් කරන මෙම රොකට්ටුව දැක ගැනීමට හැකි වූ අතර බොහෝ පිරිස් මේ පිළිබඳ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, පළ කර තිබුණා.

     

    desertsun.com

    තව ත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඒමෙන්ම මීට පෙර 2017 වසරේදී ද, ස්පේස්ක්ස් විසින් කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට ෆැල්කන් 9 ක් දියත් කළ අතර එහිදීද මෙවැනි අවස්ථාව් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. 

    ස්ටාර්ලින්ක් ජාලය පුළුල් වේ

    ෆැල්කන් 9 යනු එලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලද පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන SpaceX විසින් සකස් කරන ලද නැවත භාවිතා කළ හැකි රොකට්ටුවකි. 

    ස්ටාර්ලින්ක් යනු SpaceX විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියකි. ස්ටාර්ලින්ක් ඉලක්කය වන්නේ විශේෂයෙන් දුරස්ථ හෝ ග්‍රාමීය ප්‍රදේශවල තාක්ෂණය, කුළුණු හෝ කේබල් නොමැති සාම්ප්‍රදායික අන්තර්ජාලය සීමිත හෝ ලබා ගත නොහැකි ස්ථාව වලටත්, ලොව පුරා වේගවත් හා විශ්වාසදායක අන්තර්ජාල ප්‍රවේශයක් සැපයීම. 

    මෙම විශේෂිත මෙහෙයුමේ, ෆැල්කන් 9  ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 26 ක් අභ්‍යවකාශයට යොදවා ඇත. මෙම චන්ද්‍රිකා වර්ධනය වන ස්ටාර්ලින්ක් ජාලයට සම්බන්ධ වන අතර ගෝලීය අන්තර්ජාල ආවරණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. 

    මෙම රොකට්ටුවේ පියාසැරි මාර්ගය බොහෝ විට භූමියේ සිටින අයට දැකිය හැකි බැවින්, ඇතමුන් සිතන්නේ එය මිසයිල හෝ මිලිටරි ක්‍රියාකාරකම් බවයි. නමුත් එය සත්‍ය වශයෙන්ම අභ්‍යවකාශ මෙහෙයුමකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය රැසක් ඉරාන-ඊශ්‍රායෙල යුධමය තත්ත්වය සම්බන්ධ දියත් කෙරුණු නව මිසයිල ප්‍රහාරයන් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා.

    කෙසේ වෙතත් මෙම මිසයිල වල ස්වරූපය ෆැල්කන් 9 ස්වරූපයට සමාන කමක් ඇති බැවින් ෆැල්කන් 9හි වීඩියෝද නව මිසයිල බවට බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර නවතම මිසයිලය යනුවෙන් සඳහන් කරමින් පළ වන ඇතැම් වීඩියෝව නොමග යන සුළු වන අතර එහි දැක්වෙන්නේ ෆැල්කන් 9 රොකට්ටුව කැලිෆෝනියාවේ සිට ස්ටාර්ලින් චන්ද්‍රිකා 26 ක් රැගෙන කක්ෂගත වීමට ගමන් කරන ගමන්මගේ අවස්ථාවන් වේ.

    Avatar

    Title:ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන නවතම මිසයිලයක් නොවේ!

    Fact Check By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.