Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට මෛත්‍රිපාල පැමිණි පුවතේ ඇත්ත නැත්ත!

    2024-06-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් නොමඟ යවන ආකාරයෙන් භාවිතා කර සටහන් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යවල සටහන් බහුලව සංසරණය කර ගැනීමට සාමාන්‍ය උපක්‍රමයක් වන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඇතැම් විට මෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් නොමඟ යවන ආකාරයෙන් භාවිතා කර සටහන් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යවල සටහන් බහුලව සංසරණය කර ගැනීමට සාමාන්‍ය උපක්‍රමයක් වන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඇතැම් විට මෙම ක්‍රමය පාඨක ආකර්ශනය උදෙසා භාවිතයේ නිරත වනවා. විශේෂයෙන් ප්‍රධාන මැතිවරණ ආසන්නයේ. මෙවැනි නොමග යවන සුළු වාර්තා සහ පළ කිරීම් බොහෝ විට ඉලක්ක කරන්නේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්. එලෙසින් පළ වූ නොමග යවන සුළු සටහනක අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    රනිල් වික්‍රමසිංහ ‘බ්ලූ’ බලා මාට්ටු, ඇප දෙන්න මෛත්‍රිපාල තලවකැලේ පොලිසියට එයි යනුවෙන් ශීර්ෂ පාඨය සඳහන් කළ පුවත්පතක පළ වූ ලිපියක් සංසරණය වූයේ, මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සිදුවීමේ අත්අඩංගුවට ගත් බව ත්, හිටපු ජනාධිපතිවරයෙක් වන මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇප ලබා දීමට පැමිණි බවට හඟවමින්.

    WhatsApp ඔස්සේ මෙම සටහන බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

    ෆේස්බුක් ඔස්සේ ද, මෙම සටහන මෑතකදී පළ වී තිබුණේ මේ අයුරින්.

    A screenshot of a newspaper

Description automatically generated

    FB | Archived

    මෙම පුවත සැබවින් ම පුවත් පතක පළ වූ ලිපියක් ද, නැත්නම් පුවත් පතක පළ වූ ලිපියක් බවට හැඟවීමට සංස්කරණය කරන ලද අසත්‍ය ඡායාරූප සටහනක් ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් සිදු කළ අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මෙහි සත්‍ය තතු සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම පුවත සැබවින් ම පුවත් ලිපියක ප‍‍ළ වූවා ද, යන්න පි‍ළිබඳව පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ මෙම ලිපිය සත්‍ය වශයෙන් ම “මව්බිම” පුවත්පතේ 2014 වසරේ දෙසැම්බර් මස පළ වූ පුවතක් බවයි.

    එම ලිපියේ සඳහන් වී තිබුණේ, අසභ්‍ය දර්ශන නැරඹූ බවට තලවකැලේ දුම්රිය ස්ථානයේදී 21 හැවිරිදි රනිල් වික්‍රමසිංහ නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෛත්‍රීපාල නමැති තරුණයාගේ පියා ඔහුට ඇප දී ඇති බවයි. 

    Archived Link

    මෙම පුවත තව ත් මාධ්‍ය ආයතන වලින් පළ වී තිබුණේ මෙලෙසින්. තව ත් වෙබ් අඩවියක පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link

    2015 ජනවාරි ජනාධිපතිවරණයට මාසයකට පෙර මෙම පුවත පළ වී තිබුණා. ප්‍රධාන දේශපාලන නායකයින් දෙදෙනෙකුගේ නම් ඇති පුද්ගලයින් මෙහි සඳහන් වී තිබුණු හෙයින් මෙය දේශපාලනිකරණය කරමින් මැතිවරණ උණුසුම් මැද උපහාසාත්මක කෝණයෙන් නොමග යන සුළු අන්දමින් බොහෝ සමාජ මාධ්‍ය සටහන් මේ ඔස්සේ සඳහා භාවිත කර තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය ස්ථානයකදී අසභ්‍ය දර්ශන නැරඹූ බවට අත්අඩංගුවට ගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප ලබා දුන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමඟ යවන සුළුය. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයන් දෙදෙනාට සමාන නම් ඇති වෙනත් පුද්ගලයින් සම්බන්ධ සිදුවීමක් වන අතර 2014 දෙසැම්බර් මාසයේ පැරණි පුවත්පත් ලිපියක් මගින් මෙය වැරදි ලෙස අර්ථකථනය කර තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.