Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවාද?

    2024-07-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමි කරගත්තා. මෙම ජයග්‍රහණය අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍යවල විශේෂ අවදානයක් දිනාගෙන තිබෙනවා. මේ අතර, ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ ද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමි කරගත්තා. මෙම ජයග්‍රහණය අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍යවල විශේෂ අවදානයක් දිනාගෙන තිබෙනවා. මේ අතර, ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ දැවැන්ත, රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන අන්දමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූප සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝල්කිගේ ප්‍රතිමාවක්, ඇමෙරිකාවේ නිව්‍ යෝර්ක් හි ටයිම්ස් චතුරස්‍රයේ ස්ථාපිත කර ඇති බවට පෙන්වා දෙමින් වීඩියෝවක් සහ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සං‍සරණය වෙමින් පවතිනවා. 

    මෙම වීඩියෝවේ දැක්වෙන විරාට් කෝලිගේ ප්‍රතිමාව මේ වන විට සමාජ මාධ්‍ය විශේෂ අවදානයට ලක්ව ඇති ඡායාරූපවල පවතින අන්දමටම රන් ආලේපිතව, එක් අතකින් ක්‍රිකට් පිත්ත ඔසවාගෙන ඉන්න අන්දමටම දැක්වෙනවා.

    රූපයේ දැක්වෙන්නේ ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ දැවැන්ත, රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන අන්දමයි. 

    Facebook | Archived

    මෙය ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබුණේ මෙලෙසයි.  Archived

    මෙම සටහන ඡායාරූපය පිළිබඳව තොරතුරු විමසා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

    ප්‍රථමයෙන්ම අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    ඒ අනුව, ඇඳ ඇතිරිලි සහ මෙට්ට නිශ්පාදන සමාගමක් වන ඩියුරොෆ්ලෙක්ස් සමාගමේ  x ගිණුමට පසුගිය ජුනි 23 වන දා එක් කර තිබූ වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුණා. 

    https://twitter.com/Duroflex_world/status/1804886130338271638

    Archived Link

    ඩියුරොෆ්ලෙක්ස් ආයතනය විසින් මෙම වීඩියෝව ඔවුන්ගේ නිල Instagram නාලිකාව වෙතටද එක්කර තිබෙනවා. එහි # (හෑශ්ටැග්) යටතේ #CGIanimation යන්න පැහැදිළිව දක්වා තිබෙනවා. 

    Computer-Generated Imagery (CGI) යනු පරිගණකය ඔස්සේ ග්‍රැෆික් යොදාගෙන නිර්මාණය කරන වීඩියෝ සහ ඡායාරූප ආදියයි.

    Instagram | Archived

    මේ සම්බන්ධයෙන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළ වූ ලිපියක්ද අපට හමු වුණා. එම ලිපිය මෙතනින්. මෙම සාක්ෂි ඔස්සේ, මෙම ආන්දෝලනයට ලක් වූ ඡායාරූපයේ ඇති විරාත් කෝලිගේ ප්‍රතිමාව පරිගණක ඔස්සේ නිර්මාණය කළ එකක් බව පැහැදිළි වනවා.

    විරාට් කෝලි 2023 මැයි 15වනදා සිට ඩියුරොෆ්ලෙක්ස් ආයතනයේ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරනවා. ඔහු විසින් එම ආයතනය උදෙසා මීට පෙර සිදු කරන ප්‍රවර්දන සහ ඔහු ඒ පිළිබඳව එක් කළ සටහන් ආදිය අන්තර්ජාලයේ පවතිනවා. එම ආයතනයේ නිල වෙබ් අඩවියේ පවා විරාට් කෝලිව දැකගත හැකියි.

    ඒ අනුව, මෙම නවතම වීඩියෝව, ඔවුන්ගේ ප්‍රවර්දනයේ කොටසක් වන “Duroflex on King’s Duty” යටතේ නිකුත් වී තිබෙනවා.

    Also Read : Virat Kohli’s Statue At New York’s Times Square Is Not Real, It’s CGI

    තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය):

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විරාත් කෝලිගේ ජීවමාන ප්‍රමාණයටත් වඩා විශාල, ටයිම්ස් චතුරස්‍රයේ ඇති ප්‍රතිමාව සත්‍ය එකක් නොවෙයි. එය හුදෙක් CGI තාක්ෂණය යොදාගෙන, එවැන්නක් එම ස්ථානයේ ඇති ලෙසට අඟවමින් සිදු කළ ඡායාරූප ග්‍රැෆික් නිර්මාණයක් පමණයි. මෙම නිර්මාණය සිදු කර ඇත්තේ ඩියුරොෆ්ලෙක්ස් මෙට්ට ආයතනයේ අලෙවි ප්‍රවර්දනය සඳහායි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.