Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact -Chek :දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ ?

    2019-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ, ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමුවැන්න ඊයේ සවස (10) ‘එක්ව ඉදිරියට’ තේමාවෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී

    එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ, ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමුවැන්න ඊයේ සවස (10) ‘එක්ව ඉදිරියට’ තේමාවෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.

    මෙම ජන රැළිය සම්බන්ධයෙන් පළවූ විවිධ අදහස් අතර සමාජ මාධ්‍ය ජාලා තුල පළවූ එක් සටහනක් පැය 12ක් වැනි සුළු කාලයකදී ෆේස්බුක් පරිශීලකයන් දාහත් දාහකට අධික ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබෙනු පහත පරිදි දක්නට ලැබුණා. එහි සඳහන්ව තිබුනේ “ සිංහල මව්වරුන් දහස් ගාණකගෙ ගර්භාෂ සංහාරය කල දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ..ඔබට සතුටුයිද දැන්… ?” යනුවෙනි.

    Facebook LinkArchived Link

    එම පුවතම තවත් ෆේස්බුක් සටහන් රාශියක් මගින් දක්වා තිබූ අතර එබඳුම තවත් පුවතකින්දක්වා තිබුනේ “ හංසයාගේ රැලියට සහභාගී වූ අනාගත සෞඛ්‍ය ඇමති මොහොමඩ් සාෆි” යනුවෙනි.

    Facebook LinkArchived Link

    කිහිපදෙනෙක් විසින්ම ඉහත ප්‍රකාශවල දක්වා තිබෙන්නේ  දොස්තර සාෆිගේ ඡායාරූපයක් නොවන බවත් අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ඡායාරූපයක් බවත් සඳහන් කර තිබුණි. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශ විමර්ෂණය කිරීමේදී මෙය සිරස ටීවී නාලිකාව මගින් ප්‍රචාරය වූ සජීවී වැඩසටහකින් ලබාගත් ඡායාරූපයක් බව පෙනීයයි. මෙම රැලිය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්,පක්ෂයේ මැති ඇමතිවරුන්, සිවිල් සංවිධානවල නියෝජිතයන් ද ඇතුළුව විශාල පිරිසක් එක්ව සිටිනුද දැකගන්නට හැකි විය.

    ඉහත ඡායාරූපය සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ඇමතූ අවස්ථාවේදී පහත සඳහන් දර්ශනවලින් ලබාගෙන ඇති බවද පැහැදිලි විය.

    Newsfirst.lk Live StreamArchived Link

    තවද මෙම රුපරමුවල සිටිනා පුද්ගලයා බොහෝ දුරට අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ඉෂාක් රහුමාන්ට සමාන හැඩරුවක් ගන්නා නිසා අප ඒ මහතාගේ සමාජ ජාල ගිණුම් පරීක්ෂා කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේදී පැවැත්වූ රැලියට සක්‍රීයව දායක වී තිබු බවද පෙනී යයි.

    https://www.facebook.com/permalink.php?story_fbid=932735087080794&id=100010329339402
    Facebook Link Archived Link

    ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව නිල පාර්ලිමේන්තුවෙබ් අඩවියේ මෙලෙස සඳහන්කර තිබුනි.

    Parliament.lk linkArchived Link

    තවදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා අද උදෑසන අප ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඒ මහතා මෙවැනි අසත්‍ය ප්‍රකාශය තරයේ හෙළා දකිමින් ඇත්ත වශයෙන්ම එම ඡායාරූපවල සිටින්නේ තමා බව තහවුරු කරන ලදී.

    මෙම අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලිකිරීමක් සිදු කරමින් මන්ත්‍රීවරයා මෙලෙසින් කරුණු දක්වා තිබුණි.

    https://www.facebook.com/887805048276264/videos/1697114423753303/
    Facebook Link ( එක යායට කොළ පාටට අපි unp )

    තවද දොස්තර සාෆි සහ ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති මීට පෙර පුවත් පළවී තිබේ දැයි අප ගූගල් පරීක්ෂාවක් සිදුකළ අතර එහිදී ඔවුන් දෙදෙනා සම්බන්ධ මතභේදාත්මක පුවත් කිහිපයක් ද වාර්තා වී තිබෙනු දක්නට ලැබුණි

    Google Search Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත “ සිංහල මව්වරුන් දහස් ගාණකගෙ ගර්භාෂ සංහාරය කල දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ..ඔබට සතුටුයිද දැන්… ?” යනුවෙන් දක්වා ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශ බවත් ඇත්ත වශයෙන්ම එම ඡායාරූපයේ සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.