Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනපති අනුර රෝහල්ගත කළා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-24
    4 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රකාශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් මෑත කාලීනව සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වූ අතර මේ එලෙස මේ දිනවල සංසරණය වන තවත් සටහනක් පිළිබඳව අප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රකාශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් මෑත කාලීනව සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වූ අතර මේ එලෙස මේ දිනවල සංසරණය වන තවත් සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් සහ ‘නිව්ස් ෆස්ට්’ නිල පුවත් ලාංඡනය සහිතව, ඔක්තෝබර් මස 24 වනදා උදෑසන පළ කරන ලද සටහන් පෙළකින් දැක්වුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවයි.

    ජනපති අනුර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව කියමින් නිව්ස් ෆස්ට් ලාංඡනය සහිතව පළ වූ ෆේස්බුක් සටහන
    ජනාධිපතිවරයා රෝහල්ගත කළ බව කියන එම ව්‍යාජ පුවත් කාඩ්පත බෙදාගත් තවත් ෆේස්බුක් සටහනක්
    ජනපති අනුර රෝහල්ගත කළ බව කියන ව්‍යාජ පුවත් කාඩ්පත සහිත තුන්වන ෆේස්බුක් සටහන

    Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනපති අනුර ඔක්තෝබර් 24 වනදා රෝහල්ගත කළා ද?

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවට වන ඉහත සටහන් කිසිවක පුවතට අදාළ වැඩි විස්තරයක් සඳහන්ව නොමැති අතර වැඩිවිස්තරයක් සඳහා වන ප්‍රවේශයක් නොමැත. ඒ අනුව ඇතළත් කර ඇත්තේ, කුමන රෝහලකට ද කවදා ද, රෝගී තත්ත්වය කුමක්ද ආදී කිසිදු තොරතුරක් එහි නොමැත. මෙම සටහන නිව්ස් ෆස්ට් නිල ලාංඡනය සහිත සටහනක් බැවින් අප මූලිකවම Newsfirst නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළ කර තිබේදැයි පරීක්ෂා කිරීමට කටයුතු කළා.

    Newsfirst නිල ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නැහැ

    මෙම සටහන Newsfirst නිල ලාංඡනය සහිතව පළ කර තිබුණ ද අප සිදු කළ පරීක්ෂාවේදී එවැනි සටහනක් අද (24) Newsfirst ෆේස්බුක් පිටුවේ හෝ ඔවුන්ගේ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක පළ කර නොමැත. එහි ඩිජිටල් අංශයේ කළමණාකාරවරයා ද කියා සිටියේ , මෙවැනි පුවතක් සිය මාධ්‍ය ආතනය විසින් පළ නොකළ බවත් මෙය ව්‍යාජ සටහනක් බවයි. Newfirst ඉංග්‍රීසි සමාජ මාධ්‍ය සටහන්හි ආකෘතිය යොදා ගනිමින් මේ ආකාරයට නිර්මාණය කළ ව්‍යාජ සටහන් ගැන අප මීට පෙර පළකර කරුණු විමර්ෂණයක් පහතින්.

    ජනපති අනුරට මානසික රෝගී තත්ත්වයක් ඇති බවට නිරීක්ෂණය වන බව මානසික වෛද්‍ය චාමර විජේසිංහගෙන් ප්‍රකාශයක්?

    තව ද අප වෙනත් ප්‍රධාන ධාරාවේ පිළිගත් මාධ්‍යක් විසින් හෝ මෙවැනි පුවතක් වාර්තා කර තිබේ දැයි, පරීක්ෂා කළ අතර කිසිදු මාධ්‍යක් ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවට වන පුවතක් වාර්තා කර නොමැති බව තහවුරු විය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවි, නිල ෆේස්බුක් පිටුව සහ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුව ද පරීක්ෂා කළ අතර එහි නවතම පළ කිරීම වූයේ, ඊයේ (23) වැනිදා ජනාධිපතිවරයා යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට එක් වූ බවට වූ පුවතයි. එම පුවත පළ කර තිබුණේ ඡායාරූප සහ දර්ශන ද සහිතවයි.

    මේ අතර ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවට වන සටහන සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, අදාළ සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි. ජනාධිපතිවරයා අද (24) දිනට නියමිත වැඩකටයුතුවල නියැලෙමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද එම අංශය සඳහන් කළ අතර ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් ඔවුන් පළකර තිබු නිවේදනය පහතින්.

    ජනපති රෝහල්ගත කළ බවට පළ වන පුවත අසත්‍ය බව පවසමින් ජනාධිපති මාධ්‍ය අංශය පළ කළ ෆේස්බුක් සටහන

    ජනාධිපති ලේකම් කාර්යාලයේ වෛද්‍යවරයා

    ජනාධිපති මාධ්‍ය අංශය හරහා අප ජනාධිපති ලේකම් කාර්යාලයේ වෛද්‍යවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගනිමින් විමසා සිටියේ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ජනාධිපතිවරයා රෝහල්ගත කර තිබේදැයි යන්නයි. වෛද්‍යවරයා සඳහන් කළේ, එය අසත්‍යක් බවත්, ජනාධිපතිවරයාට කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවත් යහපත් සෞඛ්‍ය ත්තත්වයෙන් පසුවන බවත් ඔහු තහුවරු කළා.

    මීට පෙර දිනවල ජනාධිපතිවරයා ප්‍රසිද්ධ කටයුතු රැසකට සහභාගී වුණා

    ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියට අනුව ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේම විවිධ කටයුතු සඳහා සහභාගී වූ බව පැහැදිලිව දැකගත හැකියි. රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක්වීම, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දැක්වීමට එක්වීම ඒ අතරින් කිහිපයකි. ජනාධිපතිවරයා එක්වූ මෙම අවස්ථාවන් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වාර්තා කර තිබුණා.

    ඒ අනුව, සමාජ මාධ්‍ය සටහන් පළ වී ඇති අද (24) දිනට පෙර දින පස්වරුව දක්වා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ සැලසුම් කරන ලද වැඩසටහන් සහ අවස්ථාවන් සඳහා සහභාගී වී ඇති බව තහවුරු වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු ගැටලුවක් වාර්තා වී නොතිබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බව කියන සමාජ මාධ්‍ය සටහන සමාජය නොමග යැවීමේ අරමුණින් සකසන ලස අසත්‍ය සටහනක් බවයි. ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සුපුරුදු පරිදි අද (24) නියමිත කටයුතුවල නිරතව සිටින බවත් අදාළ අංශ විසින් තහවුරු කරනු ලැබිණ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.