Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    උඩරට දුම්රිය මාර්ගය විවෘත කළේ NBRI අනුමැතිය නොමැතිවද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මාස 10 ක් පුරා වසා දමා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටස 2026 ඔක්තෝබර් 2 වන දා නැවත විවෘත කරන ලදී. කෙසේ වෙතත්, ඔක්තෝ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මාස 10 ක් පුරා වසා දමා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටස 2026 ඔක්තෝබර් 2 වන දා නැවත විවෘත කරන ලදී. කෙසේ වෙතත්, ඔක්තෝබර් 5 වන දා අලුයම පේරාදෙණියේ සිට කොළඹ බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් ඉහළ කෝට්ටේ සහ ගංගොඩ අතරදී පස් සහ ගල් කඩාවැටීමක් හේතුවෙන් පීලි පැනීමට ලක් විය.

    මෙම අනතුරෙන් පසු, උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නැවත ආරම්භ කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) කිසිදු අනුමැතියක් හෝ නිර්දේශයක් නොමැති බවට යනුවෙන් සඳහන් කරමමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වන්නට විය. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබීය.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    උඩරට දුම්රිය ධාවනයට පෙර NBRO අනුමැතිය ලබාගෙන නොමැති බව පවසන ෆේස්බුක් සටහනක තිර රූපය
    උඩරට දුම්රිය මාර්ගය අනුමැතියකින් තොරව විවෘත කළ බව දක්වන තවත් ෆේස්බුක් සටහනක තිර රූපය

    Facebook | Archived Link Facebook | Archived Link

    දුම්රිය පීලි පැනීමේ අනතුරෙන් පසු ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය (SLRSMU) විසින් මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙයට මුල් වී තිබුණා.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    දිට්වා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් සහ පස්කඳු කඩාවැටීම් හා මාර්ගය සේදීයාම් 67ක් ඇතුළත් විය.

    මෙලෙසින් දැඩි ලෙස හානියට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට පියවර ගැනුණේ පසුගිය ඔක්තෝබර් 02 වන දින වේ.

    කෙසේ වෙතත් ඔක්තෝබර් 05 වන දා අලුයම 4.35ට පමණ පේරාදෙණියෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රිය ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී පස් කන්දක් සහ ගල් පෙරළීමකට හසු වී පීලිපැනීමට ලක්වී තිබුණා.

    මෙහි ඇති නීතිමය සහ තාක්ෂණික ගැටලුව මතු කරන්නේ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසිනි. එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පෙන්වා දෙන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහාය ලබා දුන්න ද, මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය කිරීමට පෙර ලබාගත යුතු නිල “නායයෑම් අවදානම් නිෂ්කාශන සහතිකය” විවෘත කරන මොහොත වන විට ත් නිසි පරිදි ලිඛිතව ලබාගෙන නොතිබූ බවයි. එමෙන්ම තවත් ස්ථාන දෙකක නායයෑම් සහ ගල් කඩාවැටීමේ අවදානම පවතින බවට අනතුරු ඇඟවීම් ලැබී තිබියදී ධාවනය ආරම්භ කිරීම ගැටලු සහගත බව ඔහු පවසනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කරනු ලැබුවා. ආචාර්යවරයා සඳහන් කළේ, සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධීක්ෂණය සහ උපදෙස් මත සිදු කර ඇති බවයි. එසේම මාර්ගයේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කරගැනීම සඳහා ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණ මෙන් ම පරීක්ෂණ ධාවනයන් ද සිදු කර ඇති බව ත්, පසුව දුම්රි ධාවනය කළ හැකි බවට නිර්දේශ ලබා දුන් බව ත්, මෙම සිදුවීම දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් නොවන බව ත්, ඒ මහතා වැඩිදුරටත් තහවුරු කර සිටිනවා.

    එමෙන් ම වසන්ත සේනාධීර මහතා පැහැදිලි කරන්නේ, මෙම තත්වය නැවත සාදා නිම වූ දුම්රිය මාර්ගයක් කැඩී යාමෙන් නොව ඉහළ කඳුවලින් පැමිණි ගල් පෙරලීමක් හේතුවෙන් සිදුව ඇති බව ත්, මීට පෙරද එම මාර්ගයේ ගල් පෙරලීම් සිදු වී ඇති බවයි.

    දුම්රිය ධාවනය වීමේදී පරිසරයේ ඇති වන කම්පනය හේතුවෙන් කඳුවල ඇති ගල් සහ පස් පෙරලීමේ අවදානමක් තිබෙනව බව ත්, එමෙන් දිත්වා හේතුවෙන් ද, පස්, කඳු බුරුල් වීමක් විය හැකි අතර ඉන්පසු දීර්ඝ කාලයකට පසු යළි දුම්රියක් යළි ධාවනය කිරීමේදී ඇතිවන කම්පනය මත මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බවත් වසනත මහතා පවසනවා.

    ප්‍රවාහන අමාත්‍යාංශය

    ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද, අප මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු තහවුරු කළේ ද, භූමිය හඳුනා ගැනීමේ සිට, ප්‍රතිසංස්කරණ කටයුතු සහ පළමු පරීක්ෂණ ධාවනය දක්වා ම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු සියලුම පාර්ශ්වයන් සාමුහික කණ්ඩායමක් ලෙස ඒකාබද්ධව කටයුතු කළ බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත කටයුතු කළ බව ත්, මේ හේතුවෙන් අවසන් අනුමැතිය නොමැතිව දුම්රිය ධාවනය කිරීම පැවසීම අසත්‍ය තොරතුරක් බවයි ඔහු පැවසුවේ. එමෙන් ම මෙය සෑදු දුම්රිය මාර්ගයේ කඩා ගෙන යෑමක් හෝ පීලි පැනීමක් නොව දිත්වා හේතුවෙන් හානියට පත් නොවූ දුම්රි මාර්ගයේ කොටසකට ඉහළ කඳුවලින් පැමිණි ගල් පෙරලීමක් බවයි ඔහු වැඩිදුරටත් සනාථ කළේ.

    පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමෙන් අනතුරුව, ඔක්තෝබර් 05 වන දා ම පස්වරුවේ සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පස්වරු 4.35ට සහ 5.15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලා දුම්රිය ධාවනයට පියවර ගත් බවයි.

    දුම්රිය ප්‍රකාශක

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා තහවුරු කළ පරිදි, ඔක්තෝබර් 5 වන දා සිදුවූ අනතුරට හේතුව දුම්රිය මාර්ගයේ පීලිවල ව්‍යුහාත්මක දෝෂයක් නොව, අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගයට මහ ගල් සහ පස් කඩාවැටී තිබීමයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ පරීක්ෂණ ධාවනයන් සියල්ලම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) සෘජු තාක්ෂණික අධීක්ෂණය සහ උපදෙස් මත සාමූහික කණ්ඩායමක් ලෙස සිදු කර ඇති බැවින්, කිසිදු අනුමැතියක් නොමැතිව දුම්රිය ධාවනය ආරම්භ කළ බවට සමාජ මාධ්‍යවල පළ වන ප්‍රකාශ අසත්‍ය බවයි එම ආයතනය සඳහන් කළේ.

    ඔක්තෝබර් 5 වන දා ඉහළ කෝට්ටේ සහ ගංගොඩ අතර සිදුවූ දුම්රිය පීලි පැනීමට හේතුව මාර්ගයේ ව්‍යුහාත්මක දෝෂයක් නොව, අධික වර්ෂාව සහ දීර්ඝ කාලයකට පසු දුම්රිය ධාවනය වීමේදී ඇති වූ කම්පනය නිසා ඉහළ කඳුවලින් දුම්රිය මාර්ගයට මහා ගල් සහ පස් කඩාවැටීමයි. දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පරිපාලනමය මට්ටමින් “නායයෑම් අවදානම් නිෂ්කාශන සහතිකයක්” ලබාගෙන නොමැති බවට තාක්ෂණික මතභේදයක් මතු කළද , NBRI ආයතනයේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල තහවුරු කිරීම්වලට අනුව දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ අවශ්‍ය සියලු ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමෙන් පසුව වන අතර, දැනටමත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කර තිබේ.

    Result Stamp

    Title: උඩරට දුම්රිය මාර්ගය විවෘත කළේ NBRI අනුමැතිය නොමැතිවද?

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.