Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට?

    2023-04-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් : “එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ වසන්ත මුදලි විසින් ගිනස් වාර්තාවේ සහතිකය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය සටහන් :

    “එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ වසන්ත මුදලි විසින් ගිනස් වාර්තාවේ සහතිකය හොවා ගෙන සිටින බවට ද, දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

    මෙම සටහන් දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සටහන බොහෝ පිරිසක් උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහනක් බවට හඳුනා ගත්තද, සත්‍ය වශයෙන්ම විශ්ව විද්‍යාල උපාධියක් වැඩිම කාලයක් ගෙන සම්පූර්ණ කිරීමේ ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත් ද යන්න පිළිබඳ අප ගිනස් වාර්තා වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළා.

    ඒ අනුව, විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැඩිම කාලයක් ගත වූ ලෝක වාර්තාව එක්සත් රාජධානියේ රොබට් එෆ්.පී. ක්‍රොනින් විසින් ලබා ගෙන තිබේ.

    ඒ, 1948 පෙබරවාරි 9 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ සිය ජීව විද්‍යා උපාධිය වසර 52 කින් දින 111 කට පසුව 2000 මැයි 30 දින සිය උපාධිය ලබා ගත් හේතුවෙනි. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ විශ්වවිද්‍යාල උපාධිය නිම කිරීමට දීර්ඝ කාලයක් ගත කිරීම සම්බන්ධ කිසිදු වාර්තාවක්( Record) ඔහු විසින් තබා ඇති බවට නිල ලියවිල්ලක් ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි.

    එමෙන්ම ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එය වසන්ත මුදලිගේ නිල ෆේස්බුක් ගිණුමේ 2016 වසරේ පළ කරන ලද ඡායාරූපයක් බවයි.

    එමෙන්ම ඔහු ඔසවා සිටින්නේ “උපාධි කඩ එපා” යනුවෙන් සඳහන් සටන් පාඨයකි. 

    Facebook | Archived Link

    එම ඡායාරූපය සංස්කරණය කරමින් ඔහු අතේ රඳවා සිටින සටන් පාඨය වෙනුවට ගිනස් වාර්තා සහතිකයක් ඔසවා සිටින අයුරින් එම ඡායාරූපය සංස්කරණය කර තිබුණා.

    එම ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    ඔහු විශ්ව විද්‍යාලය තුළ සිය උපාධිය තවමත් ලබා නොගැනීම පිළිබඳ මෙන්ම ඒ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් සඳහා පසුගිය පෙබරවාරි 02 වන සිරස නාලිකාවේ වැඩසටහනකදී පිළිතුරු සපයනු ලබනවා.

    එහිදී ඔහු පවසා සිටින්නේ තමන් රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හැදැරීම 2015 මැයි 11 වන දා ආරම්භ කළ බවත්, විශේෂවේදී උපාධියක් සඳහා විශ්ව විද්‍යාල පනතේ සඳහන් ලෙස අවුරුදු 8ක කාලයක් හිමි වන බවයි. ඒ අනුව ලබන වසර තෙක් උපාධිය අවසන් කිරීම සඳහා කල් ඇති බවත්, එය තමන් ට පමණක් නොව විශ්ව විද්‍යාල පනත යටතේ ශිෂ්‍යන්ට හිමි වන අයිතියක් බවත් ඔහු සඳහන් කළා.

    එමෙන් ම පසුගිය වර්ෂවල කොරෝනා වැනි ව්‍යසනයන් හමුවේ මෙන් ම, පසුගිය කාල වකවාණුවේ ඉන්ධන ගැටලු ඇතිවීම ඔස්සේ ද, විශ්ව විද්‍යාල දීර්ඝ කාලීනව වසා දැමූ බවත්, තමන් මෙන් ම අනෙක් ශිෂ්‍යන්ට ද, සිය උපාධිය නිම කිරීමට කල් ගත වන බවත්, තමන් විශ්ව විද්‍යාල කැඳවුම්කරු වශයෙන් තමන්ගේ උපාධිය ගැන පමණක් නොව හෙට දවසේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් තමන් කැපවිය යුතු බවත්, ඒ සඳහා තමන් කටයුතු කරන බව ත් වැඩිදුරටත් පවසා සිටියා. එම සම්පූර්ණ වැඩ සටහන මෙතනින්.(10.17)

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට යනුවෙන් පළ වූ සටහන් අසත්‍ය වන අතර එම ගිනස් වාර්තාවට සත්‍ය වශයෙන්ම හිමිකම් කීවේ එක්සත් රාජධානියේ රොබට් එෆ්.පී. ක්‍රොනින් විසිනි. 

    මුදලිගේ සිය විශ්ව විද්‍යාල ජීවිතේ 2015 මැයි 11 වන දා ආරම්භ කළ බවත්, විශේෂවේදී උපාධියක් සඳහා විශ්ව විද්‍යාල පනතේ සඳහන් ලෙස අවුරුදු 8ක කාලයක් හිමි වන අතර ලබන වසර තෙක් ඒ සඳහා තමන්ට කල් ඇති බවත්, මෙම තත්වය තමන්ට පමණක් නොව විශ්ව විද්‍යාල පනත යටතේ ශිෂ්‍යන්ට හිමි වන අයිතියක් බවත් ඔහු සඳහන් කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-04-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.