Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සංගක්කාර ගැන වසන්ත මුදලිගේගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?

    2025-11-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන චරිත අතර ඝට්ටන ඇතිවන ආකාරයේ ප්‍රකාශ සහිත සටහන් පළකිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා යොදා ගැනීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ඇත. මේ එලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන චරිත අතර ඝට්ටන ඇතිවන ආකාරයේ ප්‍රකාශ සහිත සටහන් පළකිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා යොදා ගැනීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ඇත. මේ එලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශයක් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිර්වද්‍යතාව සොයා සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ගල් ෂොට් එක අතේ තියාගෙන බාර් ගානේ ඇවිදින සංගක්කාරලා රට වෙනුවෙන් මොනාද කරේ? ආණ්ඩුවේ සට්ටැඹියෝ වෙලා තියෙන්නේ මෙයාලා තමයි අද’’ යනුවෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශයක් කර ඇතැයි, පවසමින් මෙම සටහන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. 

    කෙසේ වෙතත්  වසන්ත මුදලිගේ විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, කවදා කොතැනකදී ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව නොමැති අතර මේ පිළිබඳ විස්තර සහිත සබැඳියක් හෝ  මෙහි දක්නට නොමැත. 

    Facebook | Archived Link

    මෙම සටහනට බොහෝ පරිශීලක පිරිසක් අදහස් පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙය සත්‍ය යැයි සිතා සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශේෂ සඳහන් ද සහිතව මෙලෙස පළ  කර තිබුණා. 

    “කුරුට්ටෝ පිස්සු වැටිලා ඉන්නේ. මුන්ගෙ පහත් වියරු මානසිකවය මේකෙන්ම පේනවා. සංගක්කාර කියන්නේ ලෝකය ගරු කරන ක්‍රීඩකයෙක්. T20 ලෝක කුසලානය ලංකාවට ගෙනාව නියමුවා. සංගක්කාර අපේ රටේ පාසැල් පෙලපොත් වලට එන්න ඕන වීරයෙක්’’

    Facebook | Archived Link

    වසන්ත මුදලිගේ සංගක්කාර සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇතැයි, විශ්වාස කරමින් සටහන් හුවමාරු කර ගෙන තිබූ තවත් අවස්ථා කිහිපයක් මෙතැනින් Archived Link සහ මෙතැනින් Archived Link

    ඒ අනුව ලද පාඨක ඉල්ලීම් සලකා බලා අප මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගාල්ලේ පිහිටි ‘සිඩ්නි’ හෝටලයේ මත්පැන් අලෙවිකරන ස්ථානයේ මත්පැන් සහිත වීදුරුවක් ද අතැතිව සිටින අයුරු දක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල වයිරල් වී තිබු අයුරු දැකගත හැකි විය. Gossiplankanews එය මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර ගාල්ලේ Sydney හෝටලය ඔක්තෝබර් 27 වනදා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් ද සහිතව මෙලෙස Archived Link සටහනක්  පළ කර තිබුණේ, කුමාර් සංගක්කාරගේ ජන්ම දිනයට උණුසුම් සුබ පැතුම් ද එක් කරමිනි. 

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන – රටම එකට – ජාතික මෙහෙයුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පසුගිය 30 වැනිදා පැවති අතර එම වැඩසටහන සඳහා සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විද්වතුන්, කලාකරුවන්, ක්‍රීඩකයින් සහ පාසල් දරුවන් ඇතුළුව විශාල පිරිසක් එක්ව සිටියහ. වැඩසටහන සඳහා එක්ව සිටි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා ද විය. 

    “ගල් ෂොට් එක අතේ තියාගෙන බාර් ගානේ ඇවිදින සංගක්කාරලා රට වෙනුවෙන් මොනාද කරේ? ආණ්ඩුවේ සට්ටැඹියෝ වෙලා තියෙන්නේ මෙයාලා තමයි අද’’ යනුවෙන් වසන්ත මුදලිගේ සිදුකරන ලද බව කියන සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, මෙවැනි පසුබිමක් තුළයි 

    ඒ අනුව අප සංගක්කාර සම්බන්ධව මුදලියේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකරයේ ප්‍රකාශයක් සිදු කර තිබේදැයි පරීකා කර බැලීය.  රටක් ආදරය කරන, රටට කීර්තියක් ගෙන දුන් කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයකෙු සම්බන්ධව වසන්ත මුදලිගේ මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතු ය. ඒ අනුව අප පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වාර්තා පරීක්ෂා කළ ද කිසිදු මාධ්‍යක් මුදලිගේ එවනි ප්‍රකාශයක් සිදු කළ බවට වන පුවතක් හෝ ප්‍රකාශයක් පළ කර නොතිබිණ. 

    ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කර ගැනීමේ අපේක්ෂාවෙන් අප ජන අරගල ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුව පරීක්ෂාවට ලක් කළ අතර එහි හෝ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වන කිසිදු ප්‍රකාශයක් පළ කර නොතිබිණ. 

    පසුව වසන්ත මුදලිගේ ෆේස්බුක පිටුව පරීක්ෂා කළ අතර කිහිප දෙනෙකු සංගක්කාර සම්බන්ධව ඔහු සිදු කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍ය සටහනක් බව කියමින් ඔහුගේ ගිණුම වෙත සටහන් කිහිපයක් හුවමාරු කර තිබෙනු දැකගත හැකි විය. 

    ජනඅරගල ව්‍යාපාරය, ජාතික විධායක සභික, වසන්ත මුදලිගේ 

    ඒ අනුව  සමාජ මාධ්‍යයේ ශීඝ්‍රයෙන් හුවමාරු වන සටහන සම්බන්ධව කරුණු තහවුරු කර දැනගැනීම සඳහා අප ජනඅරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සම්බන්ධ කර ගත්තා. 

    අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, සංගක්කාර සම්බන්ධව තමන් සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන කිසියම් කණ්ඩායමක් විසින් සැලසුම්සහගතව නිර්මාණය කරන ලද අසත්‍ය සටහනක් බවයි. තමන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන ආකාරයේ ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී  සිදු නොකළ බව ද ඔහු ප්‍රකාශ කළා. 

     අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අප සිදුකළ කරුණු විමර්ශනය අනුව තහවුරු වන්නේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සම්බන්ධව ජනඅරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික, වසන්ත මුදලිගේ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති අවස්ථාවක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ  දැක ගැනීමට ලැබෙන්නේ නැති අතර තම විසින් ඒ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් සිදුකලේ නැති බව ජනඅරගල ව්‍යාපාරය, ජාතික විධායක සභික, වසන්ත මුදලිගේ පවසා සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-11-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.