Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

    2021-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බ

    සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍

    සමාජ මාධ්‍ය සටහන් :

    මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර සහ පසු ඡායාරූපයක් WhatsApp හරහා හුවමාරු වන අතර එම ඡායාරූපය හුවමාරු කරන තරමට මෙම දරුවාගේ ගිණුමට WhatsApp සමාගම මගින් මුදල් ලබා දෙන බව එහි වැඩිදුරටත් සඳහන්.

    එමෙන්ම මෙම ඡායාරූපය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළද හුවමාරු වන අයුර අපට දැකගන්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    එලෙසින් හුවමාරු වූ තව ත් WhatsApp සටහනක් පහතින්.

    මේ ඡායාරූපය හුවමාරු කරන එක් වාරයකට මෙම දරුවාගේ සැත්කමට එක රුපියල බැගින් එකතු වන බවත් ලක්ෂ 30ක වාරයක් මෙම ඡායාරූපය හුවමාරු කළ පසු WhatsApp සමාගම මගින් මෙම මුදල ලබා දෙන බවට එයින් පළ කර තිබුණා.

    WhatsApp සමාගම මෙසේ මුදල් ලබා දීමට කටයුතු කරන බවට පැවසෙන නිසා මෙම කරුණ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ ආකාරයට සිදු කරන හුවමාරු කිරීම් සඳහා මුදල් ලබා දෙන බවට ප්‍රකාශ වන පුවතේ සත්‍යතාවක් තිබේද යන්න අප පළමුවෙන්ම WhatsApp වෙබ් අඩවියේ පරීක්ශා කර බැලුවා. එහිදී අපට දැකගන්නට හැකි වුණේ, මේ ආකාරයට හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙනව බවට පවසා ඇති පුවත් වල සත්‍යතාවක් නොමැති බවයි. මෙම කරුණ ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

    https://lh6.googleusercontent.com/SAQxCmCEUxbGkIpfHcHPoc-jhatKCURtT-pcyX_ZAWDtAeTHbwhNrRAgJbVWObN2e_kJYoLdgxF6m5uA43rLAnqzJkAvY7hTezi_LIM15_2uIDH5SqDkjWyi99e_SBVIGi-YezNzYV4BE48otg

    මේ ආකාරයට හුවමාරු වන ප්‍රමානයට මුදල් ලබා දෙන බව පවසමින් ලොව පුරාද මේ ආකාරයේ පණිවිඩ WhatsApp හරහා හුවමාරු වන අතර ඒ පණිවිඩ වල කිසිදු සත්‍යතාවක් නොමැති බව පහත පුවත් සටහන් වලින් ද දක්වා තිබෙනවා.

    onlinethreatalerts.com |  Archived   Link | Archived 

    ඒ අනුව WhatsApp මගින් හුවමාරු කරන ඡායාරූප සඳහා එහි හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙන්නේ නැති බව පෙනී යනවා.

    සැබවින්ම WhatsApp ඔස්සේ දෙදෙනෙකු අතර හෝ සමූහයක සඳහන් පණිවිඩ තෙවන පාර්ශවයකට ලබා ගත හැකිද? 

    තොරතුරු යැවීම සහ ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ ආරක්ෂාවයි. WhatsApp කේතයක් සැපයීම හේතුවෙන් මෙම චැට් සඳහා වෙනත් බාහිර පාර්ශවයකට කිසිදු තොරතුරක් අනවසරයෙන් ලබා ගත නොහැක. 

    WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඒ සඳහා End to End Encryption කේතනයක් භාවිතා කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය පැහැදිලිව සඳහන් කරන්නේ ඔබගේ පුද්ගලික පණිවිඩ සහ ඇමතුම් වල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනස් නොවන අතර එම තොරතුරු දැඩි ලෙස රහස්‍ය කේතනයෙන් ආරක්‍ෂා කර ඇති අතර, WhatsApp සහ Facebook වලට ඒවා කියවීමට හෝ සවන් දීමට නොහැකි බවයි.  කිසි විටෙකත් මෙම ආරක්ෂාව දුර්වල නොකරන අතර සෑම පණිවිඩයකම (චැට්) එකකම රහස්‍ය භාවය සුරක්ෂිත කරන බවද එහි සඳහන්.

    End to End Encryption යනු ඔබගේ WhatsApp පණිවිඩ සුරක්ෂිත කර ඇති කේතයයි.  ඔබ සහ පණිවිඩය ලබන්නා අතර පමණක් මෙම පණිවිඩය කියවීමට, දැකීමට හැකි වෙන ලෙසයි මෙම කේතය සුරක්ෂිත කර ඇත්තේ. ඔබටද මෙය නිරීක්ෂණය කළ හැක.  

    මෙම කේතය ඉල්ලකම් 60 කින් සමන්විත වන අතර එක් එක් චැට් සඳහා අනන්‍ය වූ කේත ඇති අතර එම එක් කේතයක් පණිවිඩය ලබා ගන්නාගේ කේතයත් එක හා සමාන වේ. සමාන වේ නම් පණිවිඩය සුරක්ෂිත බවට තහවුරු වේ. 

    මෙය සිදුකරන අයුරු සිංහල බසින් පෙන්වන වීඩියෝවක් මෙතනින්. 

    ආරක්ෂක කේතය වෙනස් කර දැනුම් දීමක් ලැබුනේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ සම්බන්ධතාවය නැවත ස්ථාපනය කළ බවයි. 

    එයට ඔබ WhatsApp Encryption තුළින් එම කේතය නිරීක්ෂණය කළ හැක. 

    https://lh3.googleusercontent.com/0mRqFQhr9Hta79iB3mN7DbWcdt0L44L_8QUC77VYotxv_zMYhlWfg0V35Of1oi2m9U3Itironu4-jw7aPYr-J7mHak6sADN1QUK_cMTOJ32vHt5X8Sls-djJOQYOMAFsRtbEcSA

    FAQ WhatsApp | Archived Link

    Read Also:  FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

    Conclusion (අවසාන නිගමනය) : 

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී පැහැදිලි වන්නේ, මේ දිනවල WhatsApp ඔස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් මඟින් දැක්වෙන ආකාරයට, එම ඡායාරුපය හුවමාරු වන ප්‍රමාණයට මුදල් ගෙවීමක් WhatsApp සමාගම මඟින් ලබාදෙන්නේ නැති බවයි. මේ ආකාරයට ඡායාරුපයක් හුවමාරු වන ප්‍රමාණයට මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමයක් WhatsApp සමාගම මෙතෙක් හඳුන්වා දී නොමැත.

    Also Read : දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.