Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කොරෝනා සමඟ සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි වූ බැව් ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළාද?

    2021-01-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉමහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම සේවාවන් අගයමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. එහෙත් මින් සමහරක්  සාවද්‍ය සටහන් බ

    කොරෝනා දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉමහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම සේවාවන් අගයමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. එහෙත් මින් සමහරක්  සාවද්‍ය සටහන් බව කරුණු විමර්ශනවලදී තහවුරු විය. හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බවට පළවූ සටහන් පිලිබඳ අප විසින් මීට මාස කිහිපයකට පෙර සිදුකල විමර්ශනයක් මෙතනින්

    මේ අයුරින්ම කොරෝනා සමග සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි බව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සැරිසරන සටහන් ද සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කොරෝනා සමග සටන් කරන ලොව හොඳම රටවල් වලින් 5වන ස්ථානය ශ්‍රී ලංකාවට. ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කරයි” යන සිරස්තලයෙන් හුවමාරු වූ සටහනක තවදුරටත් දක්වා තිබුනේ “69 ලක්ෂයක් ජනතාව විසින් මිලියන 20ක ජනතාව බේරා ගත් මෙහොතක්” යනුවෙන්. Wasantha Perera නමැති ෆේස්බුක් පරිශීලකයෙකු විසින් ඉදිරිපත් කර තිබු එම සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. 

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\WHO SL Listing\oie_kI6CQ1VWbChW.png

    Facebook  |  Archived Link

    මෙම සටහනම ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\WHO SL Listing\oie_PAr1INTvlBj1.png

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    කොරෝනා සමග සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි බව ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර ඇති බවට වාර්තා ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ඇත්දැයි පරීක්ෂා කර බැලුවෙමු. මෙවැනි වර්ගීකරණයක් සොයා ගැනීමට ලැබුනේ නැති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙත මෙම සටහන යොමු කළෙමු.

    ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රතිචාරය:

    ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි ශ්‍රේණිගත කිරීමක් කර නැති බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලයෙන් අපට දන්වා සිටියේ COVID–19 වසංගතයක් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සමස්ත රාජ්‍ය සේවය මෙන්ම සමස්ත ප්‍රජාවම යොදාගන්නා ප්‍රවේශයක් (whole-of-government & whole-of-society approach) අනුගමනය කරමින් සිටින බවයි.

    COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා උපාය මාර්ගික ප්‍රතිචාර දැක්වීමේ පියවරයන් සමඟ ගෝලීයව සහ දේශීයව ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද දන්වා සිටියා. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 සඳහා එක් එක් රටවල් වලින් දක්වන ප්‍රතිචාරය ශ්‍රේණිගත කිරීමක්, ඇගයීමක් හෝ සංසන්දනය කිරීමක් කරන්නේ නැති බවත් පැහැදිලි කර සිටියා. 

    එනිසා කොරෝනා සමග සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර නොමැති බව තහවුරු විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 සඳහා එක් එක් රටවල් වලින් දක්වන ප්‍රතිචාර ශ්‍රේණිගත කිරීමක්, ඇගයීමක් හෝ සංසන්දනය කිරීමක් කරන්නේ නැති බැවින් කොරෝනා සමග සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි බවට පළවන ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය සටහනක් බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.