
කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්ර වීමත් සමඟම පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්යාජ සටහන් ද සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.
මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්යාජ පණිවුඩයක් සිංහල බසින් මේ දිනවල ලංකාවේ හුවමාරු වීමට පටන් ගෙන තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.
සමාජ මාධ්ය සටහන්:
පසුගිය දා WhatsApp ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ සටහනක දක්වා තිබුනේ ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්ව විද්යාලයේ ඉන්දියානු සිසුවෙකු කොවිඩ් 19 සඳහා නිවෙස් පිළියමක් සොයා ගත් අතර එය ලෝක සෞඛ්ය සංවිධානය විසින් අනුමත කරන ලද බවක්. ගම්මිරිස් කුඩු තේ හැන්දක, මී පැණි තේ හැඳි දෙකක්, ඉඟුරු යුෂ ස්වල්පයක් දින 5 ක් අඛණ්ඩව ගැනීමෙන් කොරෝනා වල බලපෑම 100% දක්වා ඉවත් කළ හැකි බව ඔහු ඔප්පු කළේය. මුළු ලොලෝකයම මෙම ප්රතිකාරය ගැනීමට පටන් ගෙන ඇති බවත් එය 2021 ලැබෙන ප්රීතිමත් අත්දැකීමක් බවත් සඳහන්.
එම පණිවුඩය පහතින්

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ ද බොහෝ දෙනෙක් මෙසේ හුවමාරු කරගෙන තිබෙනු දැක ගන්නට ලැබුණා

Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පණිවුඩය අප ලෝක සෞඛ්ය සංවිධානයේ ලංකාවේ නියෝජිත කණ්ඩායම වෙත යොමු කල අතර එවැනි නිවසේ සාදාගත හැකි ඖෂධයක් සඳහා ලෝක සෞඛ්ය සංවිධානය විසින් අනුමැතියක් ලබා දී නොමැති බවත් මෙය ව්යාජ පණිවුඩයක් බවත් තහවුරු කර සිටියා.
මෙම පණිවුඩය අප Factcrescendo ඉන්දියානු කණ්ඩායම හරහා කාර්මික නිලධාරී, ලෝක සෞඛ්ය සංවිධානයේ හදිසි අවස්ථා පිලිබඳ කාර්මික නිලධාරිනි Supriyaa Bezbaruah වෙත යොමු කල අතර, ඇය විසින් ද මෙය ව්යාජ පුවතක් බවත් ඉන්දියාවේ පසුගිය වසරේ හුවමාරු වූ බවත් පවසා සිටියා. ඉන්දියාවේ හුවමාරු වූ ව්යාජ වට්සැප් පණිවුඩය මෙතනින්
පොන්ඩිචෙරි විශ්ව විද්යාලයේ සමාජ මාධ්ය සම්බන්ධීකාරක ද පසුගිය වසරේ මෙය ව්යාජ පුවතක් බවට AFP කරුණු විමර්ෂණ කණ්ඩායම වෙත පවසා තිබුණු බව මෙසේ වාර්තා වෙනවා.
ඇතැම් කුළුබඩු සෞඛ්යයට හිතකර විය හැකි ගුණාංග තිබුණ ද ගම්මිරිස්, මී පැණි, ඉඟුරු යුෂ මිශ්රණයක් මඟින් කොවිඩ්19 සඳහා සහනයක් ලැබෙන බවට කිසිඳු විද්යාත්මක පදනමක් නොමැති බව ලෝක සෞඛ්ය සංවිධානයේ ගිණිකොනදිග ආසියානු කලාපයේ Fact or Fiction කොටසේ ද පහත පරිදි සඳහන්.

මෙම සටහන් ඉන්දියාවේ ද විශාල වශයෙන් පසුගිය වසරේ හුවමාරු වූ අතර ඒ පිළිබඳව ඉන්දියානු රජයේ නිල කරුණු විමර්ෂණ කණ්ඩායම පළකර තිබු නිවේදනය පහතින්.
Claim: The home remedy cure for #COVID19, approved by @WHO, has been found by a Pondicherry University student.#PIBFactCheck: This is #FakeNews. Though, there are many vaccines under trial, @WHO has not approved any such cure for #COVID19. pic.twitter.com/BCUgTFMsau
— PIB Fact Check (@PIBFactCheck) August 11, 2020
මෙවැනි නිවසේදී සාදාගත හැකි මෙවැනි ඖෂධ වලින් යම් තාවකාලික සහනයක් තිබුණ ද කොවිඩ්19 සමනය හෝ පාලනය කිරීමට මෙම විධික්රම කිසිවක් සමත් වී ඇති බවට මෙතෙක් සොයාගෙන නොමැති බව ලෝක සෞඛ්ය සංවිධානයේ WHO Myth busters කොටසේ ද ඇතුළත් කර තිබෙනවා.
මෙවැනි කරුණු පිලිබඳ අප මීට පෙර සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් පහතින්
Hot Weather, Garlic and Hot Water Are Not Remedies against COVID19
Misleading Claims About Traditional Cures And Self-Checks For Coronavirus
Also Read:
Fact Check: කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!
FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?
FACT CHECK : IDH රෝහලෙන් කොරෝනා වෛරසයේ pH අගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කලේ නැත!
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ඇතැම් කුළුබඩු වල සෞඛ්යයට හිතකර විය හැකි ගුණාංග වල තිබුණ ද ගම්මිරිස්, මී පැණි, ඉඟුරු යුෂ මිශ්රණයක් මඟින් කොවිඩ්19 සඳහා සහනයක් ලැබෙන බවට කිසිඳු විද්යාත්මක පදනමක් නොමැති බවත් එවැනි නිවසේ දී සාදාගන්නා කිසිඳු පිළියමක් ලෝක සෞඛ්ය සංවිධානය නිර්දේශ කර නොමැති බවත්ය.



