Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ද?

    2021-01-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා.  මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති

    කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා. 

    මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති ඇති බවට පුවතක් හුවමාරැ වී තිබුනේ නොමඟ යවන සුළු සාවද්‍ය පුවතක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්” යනුවෙන් හිටපු ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා විසින් පැවසු බව හැඟවෙන ආකාරයෙන් මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    ceylonbritannia.comArchived
    Lakdivapuwath.comArchived

    වසර 2000කට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සඳහා සායනික පරික්ශාවකින් තොරව අනුමැතිය ලබා දිමට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණය මත මෙසේ කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා නිශ්පාදනය කල පැණියටත් WHO ආයතනයේ අනුමැතිය හිමිව ඇති බව ඔහු එහිදි වැඩි දුරටත් පවසන බව පෙන්වා දී තිබුණා

    යු ටියුබ් සංවාදයකට එක්වෙමින් හිටපු ආයුර්වේද කොමසාරිස් තුමා එම අදහස් ප්‍රකාශ කල බව පුවත හුවමාරු කරගත් පිරිස පෙන්වා දී තිබුණා.

    තවමත් මෙරට තුළ සායනික පරීක්ෂණ අවසන් වී නැති මෙම පැණිය සඳහා සැබැවින්ම WHO ආයතනයේ පිළිගැනීමට ලක්ව ඇතිදැයි යන අප කරුණ පිලිබඳ වැඩිදුර විස්තර සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සඳහා මුල්වී තිබු වීඩියෝව පටය අප මුලින්ම අධ්‍යයනය කළෙමු. එහි 22 වන මිනිත්තුවේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO traditional medicine strategy: 2014-2023 (WHO සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමෝපාය: 2014-2023) යටතේ කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා පාරම්පරික ඖෂධ නැවත වරක් පරීක්ෂා වලට ලක් කිරීමට අවශ්‍ය නැති බව හිටපු ආයුර්වේද කොමසාරිස් තුමා පවසා සිටිනවා. එම වීඩියෝව පහතින්.

    ධම්මික පැණිය සඳහාත් එවැනි දේශීය ඖෂධ යොදා ගන්නා බැවිනි එය නැවත වරක් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැති බව පවසා තිබුණද කොරෝනා මර්දනය සඳහා ඖෂධයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ බවක් කිසි විටෙකත් එම සාකච්ඡාවේ සඳහන් වන්නේ නැහැ 

    අප මේ පිලිබඳ වැඩි දුරටත් සොයා බැලීමට WHO ආයතනයේ නිල වෙබ් අඩවියේ කොවිඩ් 19 පිලිබඳව තොරතුරු අයත් කොටසට පිවිසියා. එහි ඇති සටහන් හෝ වීඩියෝ පට කිසිවක ඉපැරණි ඖෂධ වර්ග සඳහා පරික්ශාවකින් තොරවම කොරෝනා ආසාදනය සඳහා අනුමැතිය ලබාදී ඇති බවක් පිලිබඳ කිසිඳු තොරතුරක් වාර්තා කර තිබුනේ නැහැ.

    එම වෙබ් අඩවියේ කොරෝනා වයිරසය සඳහා ප්‍රතිකාර ලෙස නිශ්පාදනය කරන එන්නත් පිලිබඳව වෙනම විස්තර දක්වා ඇති අතර දැනට 50කට අධික එන්නත් ප්‍රමාණයක් පරීක්ෂණ මට්ටමේ පවතින බවට එහි විස්තර කර තිබෙනවා.

    කෙසේවෙතත් මෙම ධම්මික බන්ඩාර මහතාගේ ඖෂධීය පැණිය WHO සංවිධානයේ  කිසියම් හෝ පිළිගැනීමකට ලක්ව ඇතිද යන්න තහවුරු කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයන්ගෙන් අප විමසා සිටියා (දෙසැම්බර් 18). එහිදී අපට පිළිතුරු වශයෙන් පැහැදිලි කර තිබුනේ ද එවැන්නක් සිදුව නැති බවයි.

    එසේම කොරෝනා සඳහා ප්‍රතිකාරක් ලෙස කිසිඳු ඖෂධයක් ඒ වන තුරුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර නොමැති අතර ඖෂධ ගණනාවක් ප්‍රතිකාර ලෙස යෝජනා කර ඇති බවත් ඒවායින් බොහොමයක් සායනික අත්හදා බැලීම් යටතේ අධ්‍යයනය කෙරෙමින් පවතින බවද දැනගනන්ට ලැබුණා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි භාවිතය සඳහා COVID-19 mRNA එන්නත පසුගිය දිනෙක දී ලැයිස්තුගත කර තිබු අතර ඒ අනුව ෆයිසර් / බයෝටෙක් එන්නත, මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි වලංගු භාවයක් ලබාගත් පළමු එන්නත බවට පත්විය.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව සලකා බලන කල කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින්  කොරෝනා රෝගයට ප්‍රතිකාර ලෙස මෙරට නිශ්පාදනය කරන ලද පැණිය අන්තර්ගත වට්ටෝරුව සඳහා  WHO සංවිධානයේ අනුමැතිය හිමිව ඇති බවට හිටපු ආයුර්වේද කොමසාරිසවරයා පවසා සිටි බව හඟවමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු පුවතක්.

    මේ වනතුරුත් කොරොනා ආසාදනය සඳහා නිශ්චිතව කිසිඳු ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව නැති අතර හදිසි භාවිතය සඳහා ෆයිසර් එන්නත ලැයිස්තුගත කර තිබෙනවා.

    මෙම නොමඟ යවන සුළු පුවත නිර්මාණය වී තිබුනේ, කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා පාරම්පරික ඖෂධ, නැවත වරක් පරීක්ෂා වලට ලක් කිරීමට අවශ්‍ය නැති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014-2023 සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමෝපාය යටතේ සඳහන් ව තිබෙන බව පවසමින් හිටපු ආයුර්වේද කොමසාරිස් තුමා සිදුකළ ප්‍රකාශයක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.