Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

    2021-07-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍

    ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා.

    පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය කාලයේ ලංකාවේ ද පළවී තිබු අතර එවැන්නක් පිලිබඳ අප ඉන්දියානු Factcrescendo දමිළ කණ්ඩායම විසින් සිදුකර තිබු කරුණු විමර්ෂණයක් මෙතනින්.

    මේ ආකාරයේ සටහනක් නැවත වරක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ දී ද පසුගිය දින කිහිපයේ දී හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    මහාමාර්ගයක් සංවර්ධනය කරන අතරතුර පරිසරයට හානි නොවන ආකාරයෙන් පාර සකස් කර ඇති බව හඟවමින් “සොබාදහමට ආදරේ මිනිස්සු” යන තේමාවෙන් ෆේස්බුක් සටහන් පසුගිය සතියේ අපට දැකගන්නට ලැබුනා.

    Facebook | Archived  Facebook | Archived

    මහාමාර්ගය අයිනේ තිබුනු පොල්අතු කැබැල්ලකට ඉඩ දෙමින් මාර්ගය සලකුණු කර ඇති ආකාරයක් මෙම ඡායාරූපයෙන් දැකගන්නට ලැබුණා. මේ අනුව පාර අයිනේ ඇඳ තිබු සුදු පැහැ අතු කැබලි කොටසට ඉඩදෙමින් වක්‍රාකාර හැඩයෙන් නිර්මානය කර ඇති බවක් ද පෙනෙන්නට තිබුනා.

    බැලු බැල්මටම මෙම ඡායාරුපය සඳහා වෙනස් ආකාරයේ පැහැදිලි කිරීමක් තිබිය යුතු බව දැක ගණනට ලැබුණද , උපහාසාත්මක කෝණයකින් මෙම සටහන් ලංකාවේ ද කිහිප දෙනෙක් ම හුවමාරු කරගෙන තිබුණා.

    එබැවින් මෙම ඡායරුපයට මුල් වූ සිද්ධිය පරීක්ෂා කර බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සිදුවීමට අදාළ ඡායාරුපය Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීම මඟින් අපට තහවුරු වුයේ මෙය මෙරට සිදුවීමක් නොවන බවයි.

    මෙම මාර්ගය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ දින්දිගුල් දිස්ත්‍රික්කයේ මනියකරන්පට්ටි හි ප්‍රදේශයේ ය.  පානීය ජල ව්‍යාපෘතියක් සඳහා නල එලීමට පාරේ කුඩා වළක් හාරා ඇති අතර එම ස්ථානය හරහා ගමන් ගන්නා වාහන හා පදිකයින්ට අනතුරු ඇඟවීම සඳහා ප්‍රදේශවාසීන් මෙසේ වලක් හාරා ඇති කොටස පොල් අතු වලින් ආවරණය කොට එය වටා සුදු පැහැති මාර්ග සීමාව සටහන් කරන ඉරක් මෙන්ම රාත්‍රී කාලයේ දී දර්ශනයව වන ආකාරයේ කොටස් ද යොදා තිබු බව අපට දැනගන්නට ලැබුණා. 

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ සමීප දසුන් පරීක්ෂා කිරීමේ දී ද එම කරුණ පෙනී යන අතර ඉන්දියාවේ V News27 විසින් එම වල සහිත ප්‍රදේශයේ සමීප දර්ශන ද සහිතව පැහැදිලි කිරීමක් කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. 

    V News27 – YouTube

    hindutamil.in වෙබ් අඩවියද මෙම තොරතුර සනාථ කර ඇති අතර පානීය ජල ව්‍යාපෘතියක් හේතුවෙන් මේ ආකාරයට ප්‍රධාන පාරේ පිහිටි වලක් නිසා සිදුවන අනතුරු අවම කිරීමට මේ ආකාරයට මහා මාර්ගයේ සුදු ඉර සකස් කර ඇති බව එම වෙබ් අඩවියේ දැක්වෙනවා.

    එහි පුවත් වාර්තාවේ කොටසක ඉංග්‍රීසි පරිවර්තනය පහතින්

    hindutamil.in | Archived

    react.etvbharat.com නම් වෙබ් අඩවියේ වාර්තාවට අනුව මෙම ස්ථානයේ වලක් සහිතව මුලින් තිබි ඇති අතර එම කොටස හේතුවෙන් බොහොමයක් යතුරුපැදි කරුවන් සුළු අනතුරුවලට ලක් ව ඇති බවත් ඉන් පසුව මෙසේ මාර්ගය සකස් කර සුදු පැහැති ඉරක් ඇඳ ඇති බවත් සඳහන්.

    react.etvbharat.com | Archived

    මෙම ඡායාරූපය පරිසරය සංරක්ශනය කරමින් සිදු කරන ලද සංවර්ධන ක්‍රියාවක් බවට උපහාසාත්මක කෝණවලින් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ දමිළ පාඨකයින් අතරේ ද හුවමාරු වී තිබු අතර අප Factcrescendo දෙමළ කණ්ඩායමේ කරණු විමර්ෂණය මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී අපට පැහැදිලි වන්නේ “සොබාදහමට ආදරේ මිනිස්සු “ ලෙස සඳහන් කරමින් මහා මාර්ගයක කොටසක් වක්‍රයක ආකාරයෙන් සුදු ඉරක් ඇඳ ඇති ඡායාරූපයේ පසුබිම් පුවත දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සිද්ධියක් බවයි.

    පානීය ජල ව්‍යාපෘතියක් හේතුවෙන් නල එලීම සඳහා මාර්ගයක කොනේ සකස්කර තිබු ආවරණය නොකළ වලක් හේතුවෙන් ප්‍රදේශයේ අනතුරු කිහිපයක් ම සිදුවී තිබු අතර එය ආවරණය කිරීමට පොල් අතු යොදා තිබු අතර, මාර්ගය භාවිතා කරන්නන් හට පැහැදිලි ලෙස දිස්වන ආකාරයට මෙසේ මාර්ග සීමා වක්‍රාකාර හැඩයෙන් නිර්මාණය කර තිබු බවයි.

    මෙය පරිසරය සු‍රැකීමේ අරමුණින් සිදු කර ඇති කටයුත්තක් ලෙස උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කර තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් ලෙස පෙන්වා දිය හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.