Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු විමල් කැටපේආරච්චි ද?

    2021-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Wimal Katapearachchi does not own the vehicle in the viral video

    කාලීන වශයෙන් විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවන් ඔස්සේ ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වනු අපට දක්නට ලැබෙනවා. එවැනි අසත්‍ය පුවත් කිහිපයක් පිළිබඳව අප පසු කළ කාලයේදී සිදු කරන අනාවරණයක් මෙලෙසින්

    මේ අයුරින්ම පසුගියදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන විමල් කැටපේආරච්චි මහතා බව ඇතුළු විවිධාකාරයෙන් හුවමාරු වී තිබු සටහන් සියල්ලම අසත්‍ය සටහන් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    Mawubima නමැති වෙබ් අඩවියක “සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ” යනුවෙන් ලිපියක් පලවී තිබුනා. මෝටර් ර්ථයක් තුළ යුවලක් ලිංගිකව හැසිරෙන ආකාරය පටිගත කර මුදා හැර තිබු එම වීඩියෝ පටය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවක් එම ලිපියේ දක්වා තිබුනේ පහත කොටස ද ඇතුළත් ව දීර්ඝ විස්තරයක් සමඟින්.

    “කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක සුගත් ජයසිරි මහත සමග දුරකථනයෙන් සම්බන්ද වූ අප මේ පිලිබඳ වැඩිදුර විස්තර විමසා සිටි අවස්ථාවෙ ඒ මහත ප්‍රකාශ කලෙ WP KR – 8384 අංකය දරණ එම රථය පසුගිය 31 වන දින රාත්‍රීයේ එම ස්ථානයට පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති අතර පිරිමින් 3 දෙනෙක් සහ කාන්තාවක් එම රථය තුල සිට ඇති බවයි. මෝටර් රථය එම ස්ථානයේ පැය කීපයක් නතර කර තිබී ඇති අතර පිරිමින් 3 දෙනාගෙන් දෙදෙනෙක් මුලින් රථයෙ බැස ගොස් ඇත ඉන් අනතුරුව ඔවුන් මාරුවෙන් මාරුවට රථයට පැමිණි අයුරු සහ රථයෙ සිටිනා කෙනා පිටවී යන අයුරු අසල පිහිටි CCTV කැමරා වල සටහන් වී ඇති බව ඒ මහතා සඳහන් කලේය”

    සම්පුර්ණ ලිපිය පහත දිගුවෙන්.

    Mawubima | Archived

    මීට පෙරද ජාතික ජන බලවේගය ඇතුළු සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිර්මාණය කරන ලද ගිණුම් කිහිපයක් ම මඟින් ඉහත කරුණම විව්ධාකරයේ නිර්මාණ හරහා පළකර තිබුනේ මෙලෙසින්.

    FB 1 | Archived  FB 2 | Archived  FB 3 | Archived  FB 4| Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මුලින්ම මේ පිළිබඳ කොල්ලුපිටිය පොලිසියෙන් විමසීමක් සිදු කළා. එහිදී පොලිස් ස්ථානාධිපතිතුමා පවසා සිටියේ ඉහත වෙබ් අඩවියේ සඳහන් පරිදි විස්තරයක් කිසිවිටෙකත් තම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ලබා දී නොමැති බවයි.

    එසේම එම විස්තරයේ දක්වා තිබූ වාහනයේ ලියාපදිංචි විස්තර අප මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහාපරික්ෂා කිරීමේදී අදාල අංකයට සම්බන්ධයෙන් දැකගන්නට ලැබුණේවීවා එලයිට් (viva elite) වර්ගයේ වාහනයක්. නමුත් වීඩියෝ පටය දැක්වෙන්නේ එම මාදිලියේ වාහනයක් නොවන බවක් ද අපට දැකගන්නට ලැබුණා.

    මේ පිළිබඳ බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන්ද විමසීමක් සිදු කළ අතර අපට පවසා සිටියේ තම පක්ෂයේ කිසිඳු ක්‍රියාකාරී සාමාජිකයෙක් මේ සඳහා සම්බන්ධ වී නොමැති බවයි

    විමල් කැටපේආරච්චි මහතාගේ ඡායාරූපයක් යොදාගෙන තිබු බැවින් ඒ පිළිබඳව ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවල පළකර තිබූ සටහන් පරික්ෂා කළා. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංකය සමඟ හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමඟ හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් ඔහුට නොමැති බව සඳහන් කරමින් අපහාසාත්මක ආකාරයෙන් පුවතක් පලකිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද පැමිණිල්ලක ඡායාරුපයක් ද සහිතව පළකර තිබු සටහන පහතින්.

    https://www.facebook.com/wimalketipeaarachchi/posts/225321442420828?__xts__%5B0%5D=68.ARBgVB4hH1tAMUt2PQXuDznkFyiROZNw0veq5oaRfqQgxjdCvVK4NeRYNC1d0pVNDFT5sp85eMmvM1Iv0IlXTgQPdTePRUJOKTSkTTQ7_yMoAAHUtslv_8UnwUgPCoBpBMTL258OGRoUX3vsUsXf0EYYy-XTjEZEZJAhVWhnwFAh89zjaNAFBZZqoXauxKL0g_YoMA0imoPPtHjoHmtXXEfv4zPZHRTvmfbPUPgtCdS-uclIL0uVo1L6gk-5hhQ2lKA3xlEMUuUN5QJUwvIrBpncwIjohdz2chPMF7fBP-S8toY5xQaZc6PZ2JvyFRvCzNpdE28Zh1e0QWzh-xWGmwQ&__tn__=-R

    Archived

    කෙසේවෙතත් පසුව ඉහත පුවත් සඳහා මුල්වූ වෙබ් අඩවිය විමල් කැටපේආරච්චි මහතා ගේ මුහුණු පෙනෙන්න්නේ නැති පරිදි පුවත සඳහා යොදාගෙන තිබු ඡායාරූපය සකස්කර තිබු අයුරක් ද අපට දැක ගණනට ලැබුණා.

    ඉහත ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් විමල් කැටපෙආරච්චි මහතා පලකරන ලද තවත් සටහනක් පහතින්

    https://www.facebook.com/wimalketipeaarachchi/photos/a.103511394601834/225742915712014/?type=3&xts%5B0%5D=68.ARAiWpfi-izmgTxJ4F6EdSQow17-pNR_HwCAXdfUH-77Nma65InBUvfMriWsJeRClzIwsGyVircUmMnPvPwR_e_MHy4t2Tvw1yeQZbWuhzhja1lhlEJMFFg0GWDpyr84CzXhVgQm7eTgsc3_cwCvv9NqQpxyzG6aU86WkuPPpGOpjVlKvfKr_MNBkrgYD1QYOVHMfURh9aiUyyUbiXvkTOWM8irwmXBbWUZgzf1yBhkVwsCS8xUqJEMj904uTsh-US8m6xAIZXsTXBLOc9-LlnmNPOA9Rw1cEDeA40Cvad6aNfGflOAfdFuG6OgitNJ-cGKeuFiLrMBciZXXdMlzlT8&tn=-R

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන විමල් කැටපේආරච්චි මහතා බව ඇතුළු විවිධාකාරයෙන් හුවමාරු වී තිබු සටහන් සියල්ලම අසත්‍ය සටහන් බවයි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මොනයම් හෝ සම්බන්ධයක් නොමැති බව විමල් කැටපේආරච්චි මහතා පවසා සිටින අතර වෙබ් අඩවියේ පළවූ විස්තරයේ සඳහන් වී තිබුනේ ද පොලිසිය විසින් ලබාදී තිබු නිල විස්තරයක් නොවේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.