Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

    2020-10-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය. “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු

    විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය.

    “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද මන්දා” වදන් රැගත් සටහනක් Dilshan Silva නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමක පහත පරිදි ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය

    FacebookArchived Link

    මෙම සටහනේ සත්‍යතාව පිලිබඳ අපගෙන් සිදුකළ පාඨක විමසීමක් මත මේ පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදුකළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ෆේස්බුක් පිටුව ඉදිරිපත් කළ පරිදි පුවතක් කිසිඳු ආකාරයකින් පසුගිය සින් කිහිපයේදී වාර්තා වී තිබුනේ නැති බැවින් මෙය තහවුරු කර ගැනීම පිණිස අප විමල් වීරවංශ ඇමතිතුමාගේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. විමල් වීරවංශ ඇමතිතුමා මනා සෞඛ්‍යයෙන් යුතු ව සාමාන්‍ය පරිදි කටයුතුවල නිරතවන බවත් එබැවින් කිසිඳු PCR පරීක්ෂණයක් හෝ සිදුකිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් තිබුනේ නැති බවත්  මාධ්‍ය අංශයේ නිලධාරියා අවධාරණය කර සිටියා.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් පිටුව ද පරීක්ෂා කළෙමු. පසුගිය දින කිහිපයේම ඔහු සක්‍රීවය සිදුකල වැඩකටයුතු පිලිබඳ එහි පලවී තිබු අතර ඔක්තෝබර් මස 19 වැනි දින හිරු රූපවාහිනි නාලිකාවේ සජීව වැඩසටහනක් වන “සළකුණ” වැඩසටහනට ද ඔහු සහභාගි වී සිටින අයුරු ද දක්නට ලැබුණි. එසේම විමල් වීරවංශ අමත්‍යවරයා ඔක්තෝබර් මස 20 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට ද සහභාගී වී තිබු අයුරක් මෙසේ දැකගැනීමට හැකිවුණා. 

    මේ කිසිඳු අවස්ථාවක ඔහුගේ රෝගී තත්වයක් පෙන්නුම් කර තිබුනේ නැත.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ විමල් වීරවංශ ඇමතිතුමා මේ වනතෙක් යහපත් සෞඛ්‍යය තත්වයෙන් පසු වන බවත් කොරෝනා රෝගය ආසාදිත නොමැති බවත්ය. එමනිසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බවට ඉදිරිපත් වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.