Update: 09/12/26
විමල් වීරවංශ මහතා අනුරාධපුර රැලියට එක්වෙයි.
මේ වන පැවැත්වෙන (2026.09.12 පස්වරු 04.30) අනුරාධපුර පොදුජන පෙරමුණු රැලියට විමල් වීරවංශ මහතා සහභාගී වී ඇති ආකාරය මාධ්ය ඔස්සේ වාර්තා කර තිබේ.

විමල් වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසා තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්ව දීර්ඝ ලෙස සාකච්ඡා කොට අනුරාධපුරයේ පැවැත්වෙන ජන රැලියට සක්රීයව දායක වීමට තීරණය කළ බවයි.
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය ද, 2026 සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජන රැලිය, සැලසුම් කළ පරිදිම කිසිදු වෙනසකින් තොරව පවත්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර ඇත.
මෙවැනි පසුබිමකදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාත් සැප්තැම්බර් 12 අනුරාධපුරින් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාවට පැමිණෙන බවට Breaking News ආකාරයට සකසන ලද සටහනක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ. මේ පිළිබඳව සොයා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
(මෙය වර්ධනය වන පුවතකි – developing story. පක්ෂයේ දේශපාලන මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත් විට, අප මෙම වාර්තාව යාවත්කාලීන කරන්නෙමු.)
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


Facebook Facebook|Archived Link
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා 2026 සැප්තැම්බර් 4 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත්තේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී මුදල් අයථා ලෙස ලබාගත් චෝදනා මතයි. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව දක්වමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්රියාකාරීන් ප්රකාශ කර සිටින්නේ, කුමන බාධක පැමිණියද සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර ජන රැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්.
සැප්තැම්බර් 12 පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණු රැලිය සඳහා විමල් වීරවංශ මහතා සහභාගී වන බවට ප්රධාන ධාරාවේ මාධ්යන් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්රයක් විසින් වාර්තා කර තිබුනේ නැහැ.
විමල් වීරවංශ මහතා මාධ්ය හමුවකදී දැක්වූ අදහස් – මෙතෙක් තීරණයක් ගෙන නැහැ
එසේම, පසුගිය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වූ මාධ්ය හමුවකදී, සැප්තැම්බර් 12 වනදා රැලියට සහභාගී වන්නේදැයි විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කර තිබුනේ, අත්අඩංගුවට පත්වීමට පෙර නාමල් රාජපක්ෂ මහතා තමා අමතා ඉල්ලීමක් කළ බවත්, එහිදී, තමාට එවැනි තනි තීරණයක් ගත නොහැකි බවත්, පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්ව සාකච්ඡා කර පවසන බවට තමා විසින් ප්රකාශ කළ බවයි. නුදුරු දිනකදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වන බවත් එහිදී මේ ගැන කතා කරන බවත් විමල් වීරවංශ මහතා විසින් අදාල මාධ්ය සාකච්ඡාවේදී පවසා තිබේ.
විමල් වීරවංශ මහතා මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුව විසින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කරමින් මර්දනය කරන බවටද විවේචනය කර තිබේ.
හුවමාරුවන සටහන්හි සත්යතාවයක් නැත, මෙතෙක් (සැප්තැම්බර් 09) එවැනි තීරණයක් ගෙන නොමැත – විමල් වීරවංශ මහතා
එසේම සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සටහන්වලට අදහස් දක්වමින්, සැප්තැම්බර් 08 වැනිදා විමල් වීරවංශ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි පැහැදිලි කිරීමේ සටහනක් පළකර තිබුණි.
මෙම හුවමාරු වන සටහන් වලට Fake News යන සලකුණ සහිත ඡායාරුපයක් එකතු කරමින් එහිදී සඳහන් කර ඇත්තේ, “සමාජ මාධ්යය අවකාශයන්හි හුවමාරු වන මෙම ප්රවෘත්තියේ සත්යතාවයක් නොමැති අතර, මා හෝ අප පක්ෂය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැත” යනුවෙනි.

අප විසින් මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් විමසීමක් සිදු කළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ අනුරාධපුර පොදුජන පෙරමුණු රැළියට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දින වන විටත් (සැප්තැම්බර් 09 උදෑසන) තීරණයක් ගෙන නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු වෙනුවෙන් බිරිඳ ලිමිනි රාජපක්ෂ අනුරාධපුර රැලියට සහභාගී වන බව දක්වමින්ද අසත්ය සටහන් පෙළක් මීට පෙර සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව ඇතුළු, මේ සම්බන්ධ තවත් කරුණු පරීක්ෂණ වාර්තාවන් පහතින්.
Also read :
නාමල්ගේ අඩුව පුරවන්න බිරිඳ අනුරාධපුර වේදිකාවට ගොඩ වෙන බවට පළවන සටහන් සත්ය ද?
නාමල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, විමල් වීරවංශ මහතා නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සැප්තැම්බර් 12 වන දා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය සඳහා සහභාගි වීමට තීරණය කළ බව දක්වන සටහන්හි සත්යතාවයක් නැති බව ඔහු විසින්ම අවධාරණය කර සිටින බවයි.
කෙසේවෙතත්, විමල් වීරවංශ මහතා පවසන්නේ, එම රැළියට සහභාගී වීම හෝ නොවීම පක්ෂය සමඟ සාකච්ඡා කරමින් තීරණයකට එළඹිය යුතු බවත්, මෙතෙක් (සැප්තැම්බර් 09 උදෑසන) එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. මේ පිළිබඳ අවසන් තීරණයක් ගත් පසු, අප මෙම වාර්තාව යාවත්කාලීන කරන්නෙමු.



