Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “The Hope” ලෙස ප්‍රකට නයිජීරියානු දරුවාගේ 2016-2020 ඡායාරූප සැසදීමක්ද ??

    2022-05-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාග

    අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාගාතේ ගමන් කරමින් සිටියදී, යුරෝපීය සමාජ සේවිකාවකගේ අවධානයට ලක්වී, දැන් සතුටුදායී ජීවිතයක් ගතකරන දරුවෙක්. අප මේ අවධානය යොමු කරන්නේ ,”The Hope “, පිළිබදව සමාජ මාධ්‍යයන්හි පළවන නොමග යවන සුලු තොරතුරක් සම්බන්ධවයි.

    සමාජ ජාලා සටහන් 

    ඡායාරූප සංසන්දනයක්  සිදු කරමින් The Hope දරුවාගේ 2016 තත්වය සහ 2020 තත්ත්වය ලෙස සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්. 

    “අමිල සෙනෙහසකට කල නොහැක්කක් නොමැත” ලෙස ශිර්ෂයක්  සහිතව සමාජ ජාලා සටහන් හුවමාරුව තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    මෙම සටහන් පැතිරෙන්නේ 2020 වසර පමණ කාලයක සිටයි. දැනට වසර දෙකකට කලින් පැතිරුණු එම සමාජ ජාලා සටහනක් පහතින්. 

    “මිහිපිට දෙවිවරු” යන ශිර්ෂය සහිතව එම සටහනක් පැතිර තිබුණු අයුරු පහතින්. 

    Facebook | Archived

    මෙම සටහන් ෆේස්බුක් අවකාශය පුරා විසිර පවතින ආකාරයයි මේ .

    මෙම ඡායාරූප මගින් The Hope දරුවාගේ 2016 තත්වය සහ 2020 තත්ත්වය නිරූපණය වේද ??ඒ සම්බන්ධයෙන් කරුණු විමසුමක් කිරීමට අප තීරණය කරා. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම සොයා බැලුවේ මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන The Hope දරුවා සහ එහි දැක්වෙන සමාජ සේවිකාව පිළිබදවයි.

    The Hope ලෙස හැදින්වෙන්නේ “අනවින සිදුකරන මායකරුවෙක් “ යයි සිතා, 2016 වසරේදී නයිජීරියාවේදී ඔහුගේ දෙමාපියන් විසින් අතහැර දමන ලද වසර දෙකක් පමණ එවකට වයසැති කුඩා දරුවෙක්. Anja  Ringgren නම් ඩෙන්මාර්ක් ජාතික  සමාජ සේවිකාවකට ඔහුව මුණ ගැසෙන්නේ කිසිදු පිළිසරණක් නොමැතිව ශරීර බාහිරින් පවා පණුවන්ගේ ග්‍රහණයට නතුව, ඉබාගාතේ නයිජීරියාවේ වීදි වල  ඇවිදින දැහැවිරිදි කුඩා දරුවෙක් ලෙසයි. ඇයට මුණ ගැසෙන විට ආහාර හිගකම නිසා කෘශවූ සිරුරින් සහ පණුවන්ගෙන් ගහන සිරුරින් යුතු මෙම දරුවාව ඇය මුලින්ම සිදුකලේ අසල පිහිටි රෝහලකට ඇතුලත් කිරීමයි. ඉන් අනතුරුව මෙම දරුවාට ප්‍රතිකාර කිරීමේදී සහ අවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීමේදී වැයවන වියදම් පියවීම සදහා දරුවාගේ ඡායාරූප අන්තර්ජාලය හරහා පෙන්වමින් ඇය ලෝක වාසීන්ගේ උදවු අපේක්ෂා කළා. එයට ප්‍රතිචාර ලෙස දින කිහිපයක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ ප්‍රමාණයක් ආධාර ලෙස ලැබුණා.

    ඉන්පසුව ඇය විසින් මෙම දරුවාව ඇයට අයත් පුණ්‍යායතනයක් යටතේ පාලනය වන අනාථ නිවාසයක රදවා තැබුවා. එහිදී මෙම දරුවාට ප්‍රතිකාර කෙරුණු අතර පැවති රෝගී තත්ත්වයන් සුවව මෙම දරුවා නිරෝගී තත්ත්වයට පත්වුණා. ඔහුව හැදින්වීමට භාවිතා කරන අන්වර්ථ නාමය වන්නේ ,The Hope හෙවත් බලාපොරොත්තුව යන්නයි. ඉන් අනතුරුව මෙම දරුවාව පෙර පාසල් අධ්‍යාපනය සදහාද යොමු කෙරුණා. එම වකවානුවේ(හමුවී වසරකින් පසු) මෙම දරුවා සහ Anja ලබාගත් ඡායාරූපයක් සහ මොහුව හමුවූ මුල් අවස්ථාවේදී ඇය ලබාගත් ඡායාරූපයක් අතර සැසදීමක් ලොව ජනප්‍රිය වුණා. එම ඡායාරූප පහතින්.

    මේ පිළිබදව වැඩිදුර විස්තර ලබාගත හැකියි Daily Mail වෙබ් අඩවිය හරහා මෙතනින්. Archived.

    Anja විසින් පිහිටුවා ඇති Land of Hope පදනම නයිජීරියාවේ ජන සමාජය තුල ඇති වැරදි සහගත විශ්වාසයන් නිසා “අනවින සිදුකරන මායකරුවන් “ ලෙස හංවඩු ගසා නිවෙස්වලින් පිටමන් කිරීම නිසා පීඩාවට පත්වන අසරණ කුඩා දරුවන්ට  සෙත සැලසීම සදහාම පිහිටුවාගත් ආයතනයක්. ඔවුන් සිදු කරන සමාජ සේවා කටයුතු පිළිබදව තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived.

    සමාජ ජාලා සටහනේ The Hope දරුවාගේ 2020 ස්වරූපය ලෙස දැක්වෙන ඡායාරූපය කෙරෙහිද අපගේ අවධානය යොමු වුණා. එම ඡායාරූපය Anja ගේ Instagram ගිණුමට එක්කර තිබුණේ පහත අයුරින්. 

    Instagram

    මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ The Hope දරුවා සමගද ??අප Anja ගෙන් ඒ පිළිබදව විමසා බැලුවා. ඇය තහවුරු කර සිටියේ මෙම ඡායාරූපයේ සිටින්නේ ඇය විසින් මුදවාගත් The Hope දරුවා නොව, ඇයට දාව බිහිවූ, ඇගේම දරුවා බවයි.

    මෙම දරුවා ඇයට සහ නයිජීරියානු ජාතික ඇගේ සැමියාට ලැබී ඇත්තේ 2014 වසරේදී වන අතර දරුවාගේ  නම වන්නේ David Emmanuel Jr යන්නයි. ඒ ඇයගේ සැමියාගේ නම වන David Emmanuel ගේ නම ඇසුරින්. මේ පිළිබද වැඩි විස්තර පරිශීලනය කල හැකියි මෙතනින්. Archived.

    මෙම දරුවාගේ ඡායාරූපයක් පහත විස්තරයද සමග  Anja ගේ  Instagram ගිණුමට එක්කර තිබුණු ආකාරයක්ද දැකගැනීමට හැකිවුණා. 

    Instagram

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ සමාජ ජාලා සටහන්වල The Hope දරුවාගේ 2020 තත්ත්වය ලෙස පළවන්නේ සැබැවින්ම එම දරුවාගේ ඡායාරූපයක් නොව ඔහුව බේරාගත් Anja නම් සමාජ සේවිකාව විසින් ඇයගේම දරුවා සමග ලබාගත් ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-05-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.