Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

    2021-06-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාර

    සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    සමාජ මාධ්‍ය සටහන් මඟින් දක්වා තිබුනේ 1832 දී (වික්ටෝරියා රැජිනගේ රාජාභිෂේකයට වසර 5 කට පෙර) උපත ලද මේ ඉබ්බාට 2022 වන විට  වයස අවුරුදු 190 ක්  වීමට නියමිත බවත් එමඟින් ඔහු දැනට ජීවත්ව සිටින ලොව පැරණිතම සත්ත්වයා බවට පත්වනු ඇති බවයි.

    Facebook |  Archived

    විශාල ප්‍රමානයේ ඉබ්බෙකුගේ යයි සැලකෙන පින්තූරයක්ද එම සටහනට එකතු කර තිබුනා. මෙම ඡායාරූපය සහිත සටහන පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට අප තීරණය කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ලොව ජීවත්වන වයස්ගතම සත්ත්වයා පිළිබඳවව කරුණු සොයා බැලුවා. ගිනස් වාර්තා වලට අනුව දැනට ගොඩබිම ජීවත් වන වයස්ගතම සත්ත්වයා (Oldest land animal (living)) ලෙස හැඳින්වෙන්නේ ‘ජොනතන්’ නමින් හැඳින්වෙන යෝධ ඉබ්බෙකු වන අතර එම ඉබ්බා ලෝක ගිනස් වාර්තා පොතට අනුව සීෂෙල්ස් යෝධ ඉබ්බා ලෙස නම් පටබැඳී තිබෙනවා. මෙම ඉබ්බා 1832 දී පමණ Seychelles හි දී ඉපිද පසුකාලීනව 1882 දී පමණ දකුණු අත්ලාන්තික් දූපතේ ශාන්ත හෙලේනා දූපත වෙත ගෙන එනු ලබා ඇති අතර මේ වන තෙක් එහි වාසය කරන බවත් ගිනස් ලෝක වාර්තාවලට අනුව දක්වා තිබෙනවා.

    guinnessworldrecords | Archived

    කෙසේ නමුත් ලෝක ගිනස් වාර්තාවට අනුව මෙම ‘ජොනතන්’ නමින් හැඳින්වෙන ඉබ්බාගේ පැහැදිලි ඡායාරූප බොහොමයක් ඉහත වාර්තාව සටහන සමග දක්වා තිබෙනවා. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරුපය එහි දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉබ්බා ද යෝධ ඉබ්බෙකු බැවින් මෙසේ ලොව ජීවත්වන වයස්ගතම ඉබ්බා ලෙස ඔහුගේ ඡායාරුපයක් ඇතැමුන් යොදාගන්නට ඇති බව අනුමාන කළ හැක.  

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය අප ගූගල් ඉමේජ් සෙවුමක් වෙත යොමු කරනු ලැබුවා. එහිදී මෙම ඡායාරූපයේ සිටින විශාල ඉබ්බාගේ ඡායාරූප රැසක් අපට දැකගැනීමට හැකි වුණා.

    මෙම ඡායරුපයේ සිටින්නේ ගලාපගෝස් වර්ගයේ(Galapagos Tortoise) යෝධ ඉබ්බෙකු බව Taronga නම් සත්වෝද්‍යානයේ නිල ඉන්ස්ටග්‍රම් ඡායාරූප සටහනක 2014 වසරේ දී පළකර තිබුණා.

    View this post on Instagram

    A post shared by Taronga Zoo (@tarongazoo)

    Instagram | Archived

    පැටව් කාලයේ සිට සම්පුර්ණ විශාල ඉබ්බෙකුගේ ප්‍රමාණයට වර්ධනය වීමට මෙම ඉබ්බන්ට වසර 20-25 වැනි කාලයක් ගත විය හැකි බවත් ඇතැම් අවස්ථාවල වසර 150ක් දක්වා ද මොවුන් ජීවත් වන බවත් එම සටහනේ දැක්වෙනවා.

    ඔස්ට්‍රේලියාවේ පිහිටි මෙම Taronga සත්වෝද්‍යානය, ගලපගෝස් ඉබ්බන් අභිජනන සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගන්නා ආයතනයක් ලෙස ප්‍රසිද්ධව පවතිනවා. පහතින් දැක්වෙන්නේ Taronga සත්තු වත්තේ මේ ආකාරයට ඇති කරනු ලබන ගලපගොස් වර්ගයේ ඉබ්බන් සහිත වීඩියෝ පටයකි. 

    Youtube  

    මෙම ඡායාරුපය පිළිබඳව මීට පෙර කරුණු විමර්ෂණ කණ්ඩායම් ද විමර්ෂණ සිදුකර තිබු අතර AFP Australia කණ්ඩායම විසින් Taronga සත්වෝද්‍යානයෙන් ඡායරුපයේ දැක්වූ යෝධ ඉබ්බා පිළිබඳව විමසා තිබු අතර A11 නමැති එම යෝධ ඉබ්බා වයස අවුරුදු 50ක් පමණ වන බව සත්වෝද්‍යානය සඳහන් කර තිබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ලොව දැනට ජීවත්ව සිටින පැරණිතම  සත්ත්වයා බවට ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ Jonathan නමැති Seychelles යෝධ ඉබ්බෙකු බවයි. සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති පරිදි ඔහු 1832 ඉපිද ඇති බව වාර්තා වන අතර 2022 වසරේ දී අවුරුදු 190ක් වනු ඇති.

    කෙසේනමුත් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඉබ්බාගේ ඡායාරුපය වෙනත් යෝධ ඉබ්බෙකුගේ ඡායාරුපයක්. ඒ ඕස්ට්‍රේලියාවේ Taronga සත්වෝද්‍යානයේ වෙසෙන ගොලෆගස් වර්ගයේ යෝධ ඉබ්බෙකු වන අතර එම ඉබ්බාගේ වයස අවුරුදු 50ක් පමණ වන බව වාර්තා වනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.