Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

    2021-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සං

    ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සංචාරක අමාත්‍යාංශයෙන් සන්නාම තානාපති ධූරයක් ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් ව සිටින නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පහතින්.

    Facebook | Archived Link

    එසේම සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා මෙනවිය එකඟත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දී ඇති බවද එම සටහන් වල දැක්වුණා.

    මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් පළ වූ තවත් ෆෙස්බුක් සටහනක් මෙතනින්.

    මේ සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    Archived Link | Archived Link | Archived Link 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම ගායන ශිල්පී යොහානි ද සිල්වාට මෙරට සංචාරක අමාත්‍යාංශය විසින් සන්නාම තානාපති ධුරයක් ලබා දුන් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වල පුවත් පළ වී ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එවන් පුවතක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.

    ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමසීමට අප සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, සංචාරක අමාත්‍යාංශය යටතේ, එම සටහන්වල සඳහන් ආකාරයේ, සන්නාම තානාපති ධුරයක් නොමැති බවයි.

    එවැනි පත් කිරීමක්ද සිදු නොකර ඇති අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ, පසුගිය දා ආරම්භ වී තිබු 2022 මාර්තු මස අවසන් වන තුරු පැවැත්වීමට නියමිත “එක්ස්පෝ 2020 ඩුබායි” ගෝලීය ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකා නියෝජනයේ සැමරුම් විශේෂාංගවල අංගයක් ලෙස,  එළඹෙන වසරේ (2022) ජනවාරි මුල ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා සමග සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කර ඇති අතර යොහානි ද සිල්වා විසින් පද රචනය කර ගායනා කරනු ලබන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත වීඩියෝවක් ඉදිරියේදී එළිදැක්වීමට සූදානම් කර ඇති බවයි. සංචාරක ප්‍රවර්ධනය සඳහා ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය විසින් ගත් එම තීරණය,  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කළ බවට මෙලෙස වරදවා වටහා ගෙන ඇති බවයි, ඒ අනුව පෙනී යන්නේ.

    අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ගායන ශිල්පී යොහානි ද සිල්වාගේ කළමණාකරුගෙන් විමසීමක් කළ අතර මෙතෙක් ඊට පිළිතුරු නොලැබුණි.

    මීට පෙරද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය  ගායනය කරන  යොහානි ද සිල්වා, මෙම ගීතය හරහා නවතම සංස්කෘතික තානාපතිවරියක් බවට පත්වී තිබෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක් හේතුවෙන් බොහෝ පිරිසක්, ඇයට සංස්කෘතික තානාපති ලෙස නිල පත්වීමක්, මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලබා දී තිබූ බව වරදවා වටහා ගෙන තිබිණි.  ඒ සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

    FACT CHECK: ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?

    කෙසේ වෙතත් යොහානි ද සිල්වා හට රාජ්‍ය සම්මානයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය සැප්තැම්බර් 04 වන දා පාර්ලිමේන්තුවේ දී පවසා තිබුණා. ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එම වීඩියෝව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දි හැක්කේ, ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවයි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද ඒ බව තහවුරු කරනු ලැබුවා.

    කෙසේනමුත් “එක්ස්පෝ 2020 ඩුබායි” ගෝලීය ප්‍රදර්ශනයේ, ශ්‍රී ලංකා නියෝජනයේ සැමරුම් විශේෂාංගවල කොටසක් අංගයක් ලෙස,  2022 ජනවාරි මස මුල් දිනවල, යොහානි ද සිල්වා සමග සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.