Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: #ComingOut2020 ලෙස ෆේස්බුක්හි කමෙන්ට් කළ විට කලු පැහැයෙන් එය දිස් වන්නේ ඔබේ ගිනුම හැක් වූ විටද?

    2020-11-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ෆේස්බුක් වෙත විවිධ සජීවීකරණ අංග කලින් කලට හඳුන්වා දෙන බව අපගේ මීට පෙර කරුණු අනාවරණ කිහිපයකදී ද විස්තර කරන ලදී. එම සටහන් වලට සමාන තවත් එවැනිම පුවතක් ෆේස්බුක් තුල සංසරනය වන ආකාර්ය අපට දැකගන්නට ලැබුනා. #ComingOut2020 යනුවෙන් කමෙන්ට් කිරීම මඟින් ෆේස්බුක් ගිණු

    ෆේස්බුක් වෙත විවිධ සජීවීකරණ අංග කලින් කලට හඳුන්වා දෙන බව අපගේ මීට පෙර කරුණු අනාවරණ කිහිපයකදී ද විස්තර කරන ලදී. එම සටහන් වලට සමාන තවත් එවැනිම පුවතක් ෆේස්බුක් තුල සංසරනය වන ආකාර්ය අපට දැකගන්නට ලැබුනා.

    #ComingOut2020 යනුවෙන් කමෙන්ට් කිරීම මඟින් ෆේස්බුක් ගිණුමක් හැක්වී තිබේද යන්න සොයාගත හැකි බව දැක්වෙනින් පළවූ සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අපගේ කරුණු අනාවරණයේදී තහවුරු විය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

     SLAS and Government Exam Help නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පහත පරිදි සටහනක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.

    “මාක් අයියා ඔන්න තවත් පුංචි තෑග්ගක් දීලා..” ලෙස සඳහන් කරමින් #ComingOut2020 ලෙස කමෙන්ට් කිරීමෙන් පසු ෆේස්බුක් ගිනුම හැක් වී ඇත්නම් කලු පාටින් ද හැක් වී නොමැති නම් පාට පාටින්ද පෙනෙන බව එම ෆේස්බුක් සටහනේ දක්වා තිබුණි.

    FacebookArchived Link

    තවත් සටහන් කිහිපයකම පෙන්වා දී තිබුනේ ඔබගේ දුරකථන ඔරිජිනල් ද යන්න සොයා බැලීම සඳහා මෙසේ හඳුන්වා දී ඇති නව #ComingOut2020 යන කමෙන්ට් ක්‍රමය භාවිතා කල හැකි බවයි.

    FacebookArchived

    බොහෝ පිරිසක් මෙම උපදෙස් අනුව #ComingOut2020 ලෙස යොදා කමෙන්ට් කරන ආකාරය අපට දැකගන්නට ලැබුනි. සැබැවින්ම මෙම කරුණු වල සත්‍යතාවයක් තිබේද යන්න පිලිබඳව සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ කරුණ සම්බන්ධව ෆේස්බුක් වෙබ් අඩවියේ කිසි යම් හෝ පැහැදිලිකිරීමක් තිබේද යන්න පිලිබඳව අප විමසා බැලුවා. එහිදී ෆේස්බුක්හි තොරතුරු ලබා දීම වෙනුවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය මගින් පවත්වාගෙන වෙබ් අඩවියේ පළවුණු ලිපියක් වෙත අපගේ අවධානය යොමු වුනා. 

    ෆේස්බුක් ප්‍රධාන අලෙවිකරන නිලධාරී Alex Schultz විසින් පල කල එම ලිපියට අනුව LGBTQ+  ප්‍රජාව හෙවත් සමරිසි පුද්ගලයන්, ද්වි ලිංගික ඇසුර ලබන්නන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ඔක්තෝබර් 11 වෙනි දිනට සමගාමීව හඳුන්වාදුන් දුන් හැශ් ටැග් එකක් ලෙස #ComingOut2020 අර්ථ දක්වා තිබුණා. 

    ඔක්තෝබර් මස 11 දින සිට එළඹී සතිය මුළුල්ලේම LGBTQ+ සමාජයන්හි කතිකාවත් සහ අභියෝග පිළිබඳ ගෝලීය සංවාදය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පලකළ බවත් වාර්තා වුනා. LGBTQ+ ප්‍රජාව වෙනුවෙන් දේදුනු වර්න වලින් සමන්විතව ස්ට්‍රිකර් කමෙන්ට් කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. එම ලිපිය පහතින්.ඒ පිළිබඳව වීඩියෝවක් මෙතනින්

    Facebook

    ෆේස්බුක් විසින් තම පාඨකයින් වෙනුවෙන් එම දිනයට සමගාමිව හඳුන්වා දුන් ස්ටිකර් සහ හැශ් ටැග් පිලිබඳව වැඩි දුරටත් විස්තර ප්‍රධාන් පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින්ද විස්තරාත්මකව කරුනු දක්වා තිබුනු බවක් අපට දැකගන්න ලැබුනා.

    socialmediatoday.comArchived Link
    digitalmarketnews.comArchived Link

    ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ජාලා දෙක තුලම මෙම සජීවිකරන සහ ස්ටිකර් කමෙන්ට්ස් යොදා ගන්නා බව ෆේස්බුක් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව එහි පැහැදිලිව සඳහන් වෙනවා.

    #ComingOut2020 ලෙස කමෙන්ට් කිරීම මඟින් දේදුනු පැහැයක් දිස්වන ලෙස ඇතැම් ය උත්සාහ කල අවස්ථාවේදී දිස්වී තිබුණ ද බොහෝ විට එය මෙම දිගුව සමඟ සම්බන්ධ වන සේ සකසා තිබෙනවා. එසේ කමෙන්ට් කල බොහෝ දෙනාගේ අකුරු දිස්වී තිබෙන්නේ ද කලු පැහැයෙන් බව අපට පෙනී ගියා. ඉහත වීඩියෝව සඳහා යෙදු කමෙන්ට් ද දැන් දිස්වන්නේ කලු පැහැයෙන්.

    එබැවින් #ComingOut2020 ලෙස කමෙන්ට් කිරීම මඟින් කලු පැහැයෙන් අකුරු දිස්වීම කිසිවිටෙකත් ඔබේ ගිණුමේ ආරක්‍ෂිත බව සම්බන්ධ කරුණක් නොවේ.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව සලකා බලන කල  #ComingOut2020  ලෙස සටහන් කිරීමේදී අකුරු කලු පැහැයෙන් දිස්වන්නේ නම් ඔබගේ ෆේස්බුක් ගිනුම් හැක් වී ඇති බවට පලවන සටහන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අපට තහවුරු කල හැකියි. 

    #ComingOut2020 යනු පසුගිය ඔක්තෝබර් මාසයේ දී LGBTQ+ ප්‍රජාවගේ දිනය වෙනුවෙන් ඔවුන් හට කතිකාවතක් ඇතිකිරීමට වේදිකාවක් ලෙස ෆේස්බුක් සමාගම විසින් හඳුන්වාදුන් හෑෂ්ටැග් එකකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.