
පසුගිය 31 වන දා මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදී සිය විරෝධය දැක්වූ තරුණයා විරෝධතාවය අතර තුරදී පහර කෑමකට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනුව ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්ය සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්යතාවය සොයා අප කළ විමසීමක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
මිරිහානේ විරෝධතාවට එක් වී පොලිසිය ඉදිරිපිට සිය විරෝධය පළ කර තරුණයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූවා. එම වීඩියෝවේ සිටි තරුණයා එදින ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහලේ ප්රතිකාර ගමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

එමෙන්ම WhatsApp මාධ්ය ඔස්සේ ද, මෙම සටහන සංසරණය වී තිබුණා.

මෙහි නිරවද්යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙරට පවතින වත්මන අර්බුදය හමුවේ පසුගිය 31 වන දා මිරිහානේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල, මහජන විරෝධතාවක් පැවැත්වුණා.
මෙහිදී එක් තරුණයෙකු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඉදිරිපිට සිය විරෝධතාවය දක්වන අයුරු සමාජ මාධ්ය ඔස්සේ බහුලව සංසරණය වුණා. එවැනි එක් වීඩියෝව පහතින්.
කෙසේ වෙතත් මෙම තරුණයා විරෝධතාව අතර තුරදී තුවාල ලබා දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලය ඇතුළත් කළ බවට සමාජ මාධ්ය ජාලා වල මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී තිබුණා.
මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇත්දැයි තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප කළුබෝවිල රෝහලේ නියෝජ්ය අධ්යක්ෂක තුමාගෙන් විමසීමක් සිදු කළා. අධ්යක්ෂවරයා පැවසුවේ මිරිහාන විරෝධතාවයේදී පහර කෑමට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ කිසිදු රෝගියෙකු ජීවිතක්ෂයට පත් නොවනු බවයි.
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වූ තරුණයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්රතිකාර ගමින් සිටින බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්, බෙල්ල ඇතුළු ප්රදේශ කිහිපයකට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත් නොබෝ දිනකදී නිවෙස බල පිටත් කර යැවිය හැකි බවත් නියෝජ්ය අධ්යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළා.
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලයද මේ සම්බන්ධයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මිරිහාන, පැඟිරිවත්ත ප්රදේශයේ දී විරෝධතාවයේ යෙදුණු සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කළ කිසිදු සැකකරුවෙකු මිය ගොස් නොමැති බවයි. එම මාධ්ය නිවේදනය පහතින්.
Police statement regarding the youth who participated Mirihana protest.
— Fact Crescendo Sri Lanka 🇱🇰 (@factcrescendosl) April 4, 2022
" No suspects died " – Police Media #LKA #SriLanka pic.twitter.com/QqGBdrZ3jn
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිය විරෝධය තනිව දැක්වූ තරුණයා තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවට පළ වන සමාජ මාධ්ය සටහන් අසත්ය බවයි. ඔහු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ මේ වන විටත් ප්රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවටත් නොබෝ දිනකින් නිවෙස බල පිටත්කර යැවිය හැකි බවත් එම රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරයා තහවුරු කර සිටියා. එසේම මිරිහානේ විරෝධතාවට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාද තහවුරු කරේ එම පුවත අසත්ය බවයි.



